leader s

මෙරට සමාජ මාධ්‍යය ක්ෂේත්‍රයේ ජනප්‍රිය ප්‍රකාශකයකු වන සේපාල අමරසිංහ අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් පැපිලියානේ නිවසේදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචිමාර්ග පවසයි.

බුදු දහමට සහ ශ්‍රී දළඳා වහන්සේට අපහාස වන ලෙස ඔහු විසින් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකර ඇතැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව කඩිනම් පියවර ගන්නැයි මල්වතු, අස්ගිරි මහා නාහිමිවරුන් සහ දළඳා මාළිගාවේ දියවඩන නිලමේවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන් ලිඛිතව ඉල්ලීමක් සිදුකර තිබිණ.

එමඟින් පෙන්වා දී ඇත්තේ බෞද්ධයාගේ සිත් පෑරෙන අයුරින් අදාළ පුද්ගලයා බුදු දහමට සහ ශ්‍රී දළඳා වහන්සේට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සමාජ මාධ්‍ය ඔස්සේ පළකර ඇති බවය.

සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ගොනු කරමින් කියා ඇත්තේ, මෙමගින් රටේ සංහිඳියාව බිඳ දැමීමට හිතාමතා කටයුතු කර ඇති බවය.

එමෙන්ම බෞද්ධාගමට හා ශ්‍රී දළඳා වහන්සේට අපහාස කිරිම සම්බන්ධයෙන් අදාළ පුද්ගලයා වහාම අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා කෝට්ටේ ශ්‍රී නාග විහාරවාසී පූජ්‍ය කොටහේනේ නාරද හිමි සහ සිවිල් සංවිධාන කිහිපයක් පොලිස්පතිවරයාට ඊයේ පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

 

 

 


JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්