පෙරටුගාමී සමාජවාදී පක්ෂය මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කරන බව එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසීය.



සිය පක්ෂය ගොඩනැංවූ පසු පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන ප්‍රථම අවස්ථාව මෙය බවද ඔහු කීවේය.

ඇතැම් පළාත් පාලන ආයතනවලට පෙරටුගාමී පක්ෂයෙන්ම නාම යෝජනා ලැයිස්තු ඉදිරිපත් කරන බවත් අනෙකුත් පළාත් පාලන ආයතනවලට වමේ පක්ෂ සමග සන්ධාන ගතව හෝ ස්වාධීන කණ්ඩායම් යටතේ හෝ අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට අවශ්‍ය සාකච්ඡා මේ වනවිට පැවැත්වෙමින් පවතින බවත් හෙතෙම කීවේය.

අවසාන තීරණය ඉදිරියේදී දැනුම් දෙන බවද ඔහු පැවසීය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ඡන්ද සලකුණ වන්නේ කුළු ගෙඩියයි.


දීප්තිගෙන් ගෙන් ලියුම් කවරයක් !


මේ අතර මිට පෙර පෙරටුගාමී පක්ෂය ලෙස ක්‍රියාත්මක වූ දීප්ති කුමාර් ගුණරත්න නායකත්වය දරන 'සමබිම ' පක්ෂය ද පළමු වරට පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කර තිබේ.

එහිදී පළාත් පාලන ආයතන කිහිපයක් සඳහා සිය පක්ෂය යටතේ තරඟ කිරීමටත් අනෙකුත් පළාත් පාලන ආයතනවලට වෙනත් පක්ෂ සමග සන්ධාන ගතව හෝ ස්වාධීන කණ්ඩායම් යටතේ හෝ අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමටත් තීරණය කර ඇතැයි දීප්ති ගුණරත්න පැවසිය.

සමබිම පක්ෂයේ ඡන්ද සලකුණ වන්නේ ලියුම් කවරයයි.


තරුණ තරුණියන්ට කෙසෙල් ඇවරියක් !


ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න නායකත්වය දරන එක්සත් ජාතික නිදහස් පෙරමුණ මෙවර ද පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කර තිබේ.

අලුතින් හිතන පරම්පරාවක් වෙනුවෙන් තම පක්ෂය කැපකිරීමට සුදානම් බව පැවසු මෛත්‍රී ගුණරත්න, මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වීමට කැමැත්තක් දක්වන අරගලයට දායකවූ තරුණ තරුණියන්ට තම පක්ෂයෙන් අවස්ථාව ලබාදීමට සුදානම් බවද සඳහන් කළේය.

එක්සත් ජාතික නිදහස් පෙරමුණ ඡන්ද සලකුණ වන්නේ කෙසෙල් ඇවරියයි.

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්