leader s

ශ්‍රී ලංකා - ඉන්දියා 20යි 20 තරගාවලිය IPL ක්‍රීඩක වෙන්දේසියට පෙර පැවතියේ නම් ශ්‍රී ලංකා නායක දසුන් ශානක මිලදී ගැනීමට ඇතැම් කණ්ඩායම් සතු මුදල් ද ප්‍රමාණවත් නොවීමට ඉඩ තිබූ බව ඉන්දීය හිටපු ප්‍රවීණ

ක්‍රීඩක ගෞතම් ගාම්භීර් පවසා තිබේ.

'ස්ටාර් ස්පෝට්ස්' නාලිකාව වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ නිමාවු ශ්‍රී ලංකා ඉන්දියා දෙවන 20යි 20 තරගයේ දී ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ පිතිකරණ විලාශය සැලකීමේදී ඔහු ඉහළ වටිනාකමක් හිමි විය යුතු ක්‍රීඩකයෙකු බවට පෙනී ගිය බවය.

දසුන් ශානක විසින් පිතිකරණයෙන් හා පන්දුයැවීමෙන් දැක්වූ දක්ෂතා හේතුවෙන් දෙරට අතර දෙවන විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක් හිමිකරගැනීමට හැකිවුණි.

පසුගියදා පැවති අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේ දී ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මූලික මුදලකට වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබූ දසුන් ශානක කිසිදු කණ්ඩායමක් විසින් මිලදී ගෙන නොතිබුණි.

(adaderana.lk)


සබැඳි පුවත් :
දසුන්ගේ නම වාර්තා පොත් අතරට - ශ්‍රී ලංකාවට ලකුණු 16ක ජයක්

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්