The Leader News
BREAKING
Top Ad
පුවත්

ජාතික හැදුනුම්පත් ලක්‍ෂ 15ක් හිරවෙලා !

T

The Leader Desk

October 29, 2025 • 6:24 AM

ජාතික හැදුනුම්පත් ලක්‍ෂ 15ක් හිරවෙලා !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වසරකට පාසල් දරුවන් ලක්‍ෂ 3 ක් පමණ ජාතික හැදුනුම්පත් ගැනීමට අයදුම් කරන බවත් 2005 වසරේ උපත ලැබූ දරුවන්ගේ ජාතික හැදුනුම්පත් මේ වන විට මුද්‍රණය අවසන් අදියරේ පවතින බවත් ඔහු කීය.
  • එම දෙපාර්තමේන්තුව තුළ වසර ගණනාවක සිට ගොඩගැසී තිබූ වැඩිහිටියන්ගේ හැදුනුම්පත් ලක්‍ෂ 3 කට අධික සංඛ්‍යාවක් මේ වන විට මුද්‍රණය අවසන් වෙමින් පවතින බව කී එම නිලධාරියා එම හැදුනුම්පත් තැපෑලට යොමුකිරීම ආරම්භ කර ඇති බව ද සඳහන් කළේය.
  • වර්තමාන ජාතික ජනබලවේග ආණ්ඩුව බලයට පත්වීමට පෙර සිට වසර කීපයක ජාතික හැදුනුම්පත් මුද්‍රණය කිරීම ඇනහිට තිබූ බවත් වර්තමාන ආණ්ඩුව පත්වීමෙන් පසුව මාස කීපයක් ගතවන තෙක් ඒ සඳහා නිවැරදි විසඳුමක් නොදීම හේතුවෙන් හැදුනුම්පත් ලක්‍ෂ 15 ක් දක්වා ගොඩ ඉහළ ගිය බවත් වාර්තා වේ.
  • එම ගැටලුවට පිළියමක් ලෙස ලියුම්කවරවල ලිපිනයන් අත්අකුරෙන් ලියන ලෙස යෝජනා කළ බවත් එය ප්‍රායෝගික නොවීම හේතුවෙන් එම දෙපාර්තමේන්තුවේ සේවකයන් එයට එකඟ නොවූ බවත් ඔවුහු පැවසූහ.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම ජාතික හැදුනුම්පත් ලක්‍ෂ 15 ක සංඛ්‍යාවට 2006 වසරේ සිට 2010 වසර දක්වා වසර 5 තුළ උපත ලැබූ පාසල් දරුවන්ගේ හැදුනුම්පත් ඇතුළත්ව ඇති බවත් මෙම අයදුම්පත් වෙනුවෙන් ලිපියක් පමණක් අයදුම්කරුවන්ට යොමුකර ඇති බවත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී පැවසීය.

වසරකට පාසල් දරුවන් ලක්‍ෂ 3 ක් පමණ ජාතික හැදුනුම්පත් ගැනීමට අයදුම් කරන බවත් 2005 වසරේ උපත ලැබූ දරුවන්ගේ ජාතික හැදුනුම්පත් මේ වන විට මුද්‍රණය අවසන් අදියරේ පවතින බවත් ඔහු කීය.

2006 වසරේ උපත ලැබූ දරුවන්ගේ ජාතික හැදුනුම්පත් මුද්‍රණය හැකි ඉක්මණින් ආරම්භ කරන බව කී එම නිලධාරියා මෙම වසර අවසන් වීමට පෙර 2006 වසරේ දරුවන්ගේ ජාතික හැදුනුම්පත් මුද්‍රණය අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.

එම දෙපාර්තමේන්තුව තුළ වසර ගණනාවක සිට ගොඩගැසී තිබූ වැඩිහිටියන්ගේ හැදුනුම්පත් ලක්‍ෂ 3 කට අධික සංඛ්‍යාවක් මේ වන විට මුද්‍රණය අවසන් වෙමින් පවතින බව කී එම නිලධාරියා එම හැදුනුම්පත් තැපෑලට යොමුකිරීම ආරම්භ කර ඇති බව ද සඳහන් කළේය.

 

වර්තමාන ජාතික ජනබලවේග ආණ්ඩුව බලයට පත්වීමට පෙර සිට වසර කීපයක ජාතික හැදුනුම්පත් මුද්‍රණය කිරීම ඇනහිට තිබූ බවත් වර්තමාන ආණ්ඩුව පත්වීමෙන් පසුව මාස කීපයක් ගතවන තෙක් ඒ සඳහා නිවැරදි විසඳුමක් නොදීම හේතුවෙන් හැදුනුම්පත් ලක්‍ෂ 15 ක් දක්වා ගොඩ ඉහළ ගිය බවත් වාර්තා වේ.

 

වර්තමාන ආණ්ඩුව බලයට පැමිණෙන විට හැදුනුම්පත් මුද්‍රණ යන්ත්‍රය සහ ලිපින මුද්‍රණය කරන යන්ත්‍ර දෝෂවලට ලක්ව තිබූ බව කියන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සේවකයෝ ආණ්ඩුව එම යන්ත්‍ර යථාතත්වයට පත්කිරීමට අවශ්‍ය අමතර කොටස් සම්බන්ධයෙන් ප්‍රායෝගික ආකාරයට කටයුතු නොකළ බව ද සඳහන් කළහ.

එම ගැටලුවට පිළියමක් ලෙස ලියුම්කවරවල ලිපිනයන් අත්අකුරෙන් ලියන ලෙස යෝජනා කළ බවත් එය ප්‍රායෝගික නොවීම හේතුවෙන් එම දෙපාර්තමේන්තුවේ සේවකයන් එයට එකඟ නොවූ බවත් ඔවුහු පැවසූහ.

මෙම තත්වය යටතේ මෙරට පුරවැසියන් දැඩි අපහසුතාවට පත්ව සිටින්නේ යැයි ජාතික හැදුනුම්පත මුද්‍රණය කරදෙන ලෙස ඉල්ලා දිනකට බත්තරමුල්ල පිහිටි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට පැමිණෙන ජනතාවගෙන් පැහැදිළි වන බව ද එහි සේවකයෝ වැඩිදුරටත් සඳහන් කළහ.  

(lankadeepa | යොහාන් භාසුර)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...