ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති තුන්වැනි විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය පහසුවෙන් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.



ලකුණු 229ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ඉනිම ලකුණු 137කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත්වූහ.

සෞරාෂ්ට්‍ර ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේ හි පැවති තරගය ඒ අනුව ලකුණු 91කින් ජය ගැනීමට ඉන්දියාව සමත් වූයේ තරගාවලිය 2-1ක් ලෙස ජය ගනිමිනි.

ආසියානු ක්‍රිකට් ශුර ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර 20/20 ක්‍රිකට් තරගාවලියේ 3 වැනි අවසන් 20/20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායමේ නායක හර්දික් පාණ්ඩ්‍යා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් කඩුලු 5ක් දැවී ලකුණු 228ක් රැස් කළේය.

ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ඉෂාන් ක්‍රිෂාන් ව එක් ලකුණකට දවා ගැනීමට දිල්ෂාන් මධුශංක සමත්විය.

නමුත් අනතුරුව පිටියට පිවිසි රාහුල් ත්‍රිපාති පන්දු 16කදී ලකුණු 35 ක් ලබාගැනීමට සමත් වුණි.

ඔහු දැවී යාමෙන් පසුව පිටියට ආ සූර්යකුමාර් යාදව් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව දැඩි ප්‍රහාරයක් එල්ල කළේය.

ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් සමග පන්දු ඕවර 8.5කදී ලකුණු 111ක් රැස් කිරීමට යාදව් සමත්විය.

ගිල් ලකුණු 46යි.

ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළ යාදව් නොදැවී ලකුණු 112ක් රැස් කළේය.

යාදව් සිය ඉනිම සඳහා පන්දු 51කට මුහුණ දුන් අතර ඊට 4 පහර 7ක් සහ 6 පහර 9ක් ඇතුළත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 16 යි පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 137ක් පමණි.

තරගාවලියේ පළමු තරගයෙන් ඉන්දීය කණ්ඩායම ලකුණු 2ක තියුණු ජයක් ලැබූ අතර දෙවැනි 20/20 තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 16ක ජයක් ලැබීය. 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්