පළාත් පාලන මැතිවරණයට රජය මැදිහත්වීමට දරන උත්සාහය පිළිබඳව දැඩි ලෙස කනස්සල්ලට පත්වන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.



නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ, පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින්ගේ තැන්පතු භාර නොගැනීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශ ලේකම්වරයා ගත් තීරණය ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ දැඩි අවධානය යොමුව ඇති බවයි.

මේ ආකාරයෙන් ජනතාවට තම නියෝජිතයින් පත් කර ගැනීමට ඇති ස්වෛරි අයිතිය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමට ගන්නා උත්සහයන්, බාධා කිරීම් මෙරට නීතියේ ආධිපත්‍යට හා ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව බලවත් ප්‍රහාරයක් බව නීතිඥ සංගමය පෙන්වා දෙයි.



කොමිෂන් සභාවේ ස්වාධීන කාර්යයන්ට හා ජනතාවගේ ඡන්ද බලය ක්‍රියාත්මක කිරීමට බාධාවන කිසිදු  පියවරක් ගැනීමෙන් ජනාධිපතිවරයා හා රජය වැළකි සිටිය යුතු බව ද ශ්‍රී  ලංකා නීතිඥ සංගමය අවධාරණය කරයි.



''රාජ්‍ය පරිපාලන ලේකම්වරයාගෙන් කරුණු විමසනවා'' - මැතිවරණ කොමිෂමේ සභාපති

පළාත් පාලන ඡන්දය වෙනුවෙන් ඇප තැන්පත් බාර නොගන්නා ලෙස චක්‍ර ලේඛනයක් නිකුත් කළ පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් ඒ සම්බන්ධයෙන් කරුණු විමසා අවශ්‍ය පියවර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා පැවසීය.

ලේකම්වරයාගේ එම ක්‍රියා ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්නා බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේවෙතත් මේ වනවිට අදාළ ලිපිය ආපසු කැඳවීමට පියවර ගෙන ඇත.



ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවිරෝධී උත්සාහයක් !- පෙරටුගාමියෝ හෙළිකරයි

පලාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් ලබා නොගැනීම සඳහා දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ට බලපෑම් කිරීමට ගත් කැබිනට් තීරණයද ඇතුළුව මැතිවරණ සිතියම අකුලා දැමීමේ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවිරෝධී උත්සාහයන් පිලිබඳව පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද පැවැත්වූ මාධ්‍ය හමුවේදී කරුණු පැහැදිලි කළේය.

එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ එහිදී මෙසේ පැවසිය. 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්