හිටපු අමාත්‍යවරයෙකු වන රෙජිනෝල්ඩ් කුරේ අභාවප්‍රාප්ත වී තිබේ.


මියයන විට ඒ මහතා 74 වන වියෙහි පසුවිය.

හදිසි හෘද ආබාධයකින් අද (13) අලුයම ඔහු මියගොස් ඇතැයි පවුලේ ආරංචි මාර්ග කියයි.

ඊයේ රාත්‍රි වාද්දුව හෝටලයක මැතිවරණය ගැන පැවැති සාකච්ඡාව අතරතුර ඔහුව හෘදයාබාධයකට ලක්ව රෝහල් ගත කෙරිණි.

ඉදිරි පලාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සහ අපේක්ෂකයින් තෝරාගැනීම සදහා එම සාකච්ඡාව පවත්වා ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කළුතර දිස්ත්‍රික් නායකයා වූ රෙජිනෝල්ඩ් කුරේ, බස්නාහිර පළාත් සභාවේ හිටපු මහ ඇමතිවරයෙකි. 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්