leader s

රොක් සංගීතයේ රජු ලෙස විරුදාවලිය ලැබු එල්විස් ප්‍රෙස්ලි ගේ එකම දියණිය වන ලීසා මාරි ප්‍රෙස්ලි ඊයේ (12) හෘදයාබාධයකින් මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

තම දියණියගේ වියෝව පිළිබඳ එල්විස් ප්‍රෙස්ලිගේ බිරිඳ වන ප්‍රිසිලා ප්‍රෙස්ලි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, "මගේ රූමත් දියණිය ලීසා මාරි අප හැර ගිය බවට වූ දුක්බර පුවත බෙදා ගන්නේ අපහසුවෙන් දැඩි කර ගත් හදවතකින්" බවයි.

හෘදයාබාධ තත්වයක් නිසා ලීසා, කැලිෆෝනියාවේ කැලබසාස් හි ඇගේ නිවසේ සිට රෝහලට ගෙන ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළ අතර එම ප්‍රවෘත්තිය පළ වූ විට නිකුත් කළ ට්විටර් පණිවිඩයකින් ඇගේ මව සිය රසික රසිකාවියන්ගෙන් ඉල්ලා සිටියේ තම දියණියගේ සුවය පතා යාඥා කරන ලෙසයි

pp js

1968 වර්ෂයේදී උපත ලැබූ ඇය සිය පළමු ගීත ඇල්බමය 2003 වර්ෂයේදී නිකුත් කරනු ලැබූ අතර එයට දැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබිණ.

ලීසා මාරි ප්‍රෙස්ලි අභාවප්‍රාප්ත වූ පොප් ගායක මයිකල් ජැක්සන් සමග විවාහ වී සිට ඇති අතර පසුව ජනප්‍රිය හොලිවුඩ් නළුවෙකු වන නිකලස් කේජ් සමග ද විවාහ විය.

කෙසේ වුවත් ඇය පසුව සංගීතඥයින් වන Danny Keough සහ Michael Lockwood සමග ද විවාහ දිවියන්ට එළඹී බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

lisa m

ජනප්‍රිය නිළි Roxy Keough ඇතුළු දරුවන් තිදෙනෙක්ගේ මවක වූ මාරි ප්‍රෙස්ලි මිය යන විට 54 වන වියෙහි පසු විය.

ලීසා මාරි ප්‍රෙස්ලි අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනී සිට ඇත්තේ මිට දින දෙකකට පමණ ඉහතදී අවසන් වූ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළලේදී බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

 

elvis lisa duet


JW

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්