theleaderlk 01

මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය මාසයකින් කල් දැමීමට

අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අද (17) තීරණය විය.

මෙම තීරණය ගනු ලැබුවේ අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (17) පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදී පැමිණ සිටි මන්ත්‍රීවරුන් විසින් කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගනිමිනි.

එමෙන්ම, අදාළ සංශෝධන සලකා බැලීමෙන් අනතුරුව පුනරුත්ථාපන කාර්යාංශයේ පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සඳහා විවාදයට ගැනීමද කමිටුව විසින් අනුමත කරන ලදී. ඒ අනුව පුනරුත්ථාපන කාර්යාංශයේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම සඳහා හෙට (18) දිනයේදී විවාදයට ගැනීමට නියමිතය.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, ගසිසිර ජයකොඩි, ජගත් පුෂ්පකුමාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර කුමාර දිසානායක, චන්දිම වීරක්කොඩි, මහාචාර්ය ජී. එල්. පීරිස්, ජගත් කුමාර සුමිත්‍රාආරච්චි, වීරසුමන වීරසිංහ, මුජිබර් රහුමාන්, ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, චමින්ද විජේසිරි, ඩී. බී. හේරත්, ජේ.සී. අලවතුවල, රාජිකා වික්‍රමසිංහ, මංජුලා දිසානායක, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ ඇතුළු අදාළ ආයතන නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක්ද මෙම කමිටු රැස්වීමට එක්ව සිටියහ.

 

 

JW

නවතම පුවත්