නුවරඑළිය නානුඔය රැදැල්ල කෙටි මාර්ගයේදී පාසල් සිසුන් රැගත් බස් රථයක්, වෑන් රථයක සහ ත්‍රිරොද රථයක ගැටී පල්ලමකට යෑම නිසා හත් දෙනකු මියගොස් 53 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.


කොළඹ තර්ස්ටන් විදුහලේ 11 වසරේ සිසුන් පිරිසක් වාර්ෂික අධ්‍යාපන චාරිකාවක රැගෙන ගිය බසයක් මෙසේ වෑන් රථයක සහ ත්‍රිරෝද රථයකට ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ (20) රාත්‍රීයේ දී ය.

අනතුරින් වෑන් රථයේ ගමන් ගත් හය දෙනකු සහ ත්‍රිරොද රථයේ ගමන්ගත් එක් අයකු මියගොස් ඇත.

පාසල් සිසුන් කිසිවෙකුටත් බරපතළ තුවාල සිදුවී නැති බව තර්ස්ටන් විද්‍යාලයේ විදුහල්පතිවරයා තහවුරු කළේය.

මියගිය පුද්ගලයින් අතර අවුරුදු 13 ක පිරිමි දරුවෙක් සහ අවුරුදු 8 හා 12 යන වයස්වල පසුවන ගැහැණු දරුවන් දෙදෙනෙකු ද වේ.

මියගිය සෙසු පුද්ගලයින් අවුරුදු 26, 27, 43 යන වයස්වල පසුවන්නන්  ය.

පොලීසිය සඳහන් කළේ, මියගිය පුද්ගලයින් හැටන් සහ නානුඹය පදිංචිකරුවන් බවයි.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයෙන් සිසුන් 44 දෙනකු ගමන් කර ඇති අතර ඉන් සිසුන් 41 දෙනකුට තුවාල සිදුව ඇති අතර ළමයින් 3 දෙනකුට කිසිදු අනතුරක් නොමැතිව බේරි ඇතැයි ද වාර්තා වේ.

බස් රථයට සහ ත්‍රිරෝද රථයට ද දැඩි හානි සිදුව ඇති අතර වෑන් රථය හැටන් කුඩාගම ප්‍රදේශයේ වෑන් රථයක් බව ද දැනට හඳනාගෙන ඇත. අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයෙන් නව දෙනකු ගමන් කර ඇතැයි ද පොලිසිය පවසයි.


බරපතළ තුවාල ලැබූ සිසුන් කොළඹ ගේන්න ගුවන් හමුදා සහය


තුවාලකරුවන් වහාම නුවරඑළිය රෝහලට රැගෙන ගොස් ඇති අතර ඔවුනට අවශ්‍ය ප්‍රතිකාර කඩිනමින් කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇතැයි නුවරඑළිය මහ රෝහලේ අධ්‍යක්ෂ මහේන්ද්‍ර සෙනවිරත්න පැවසිය.

වෛද්‍ය මහේන්ද්‍ර සෙනවිරත්න වැඩිදුරටත් සඳහන් කළේ, එක් සිසුවෙක් දැඩි සත්කාර ඒකකයේ (ICU) ප්‍රතිකාර ලබන බවයි.

මෙම අනතුරින් තුවාල ලැබූ සිසුන්ට අවශ්‍ය සියලු සහය ලබාදෙන ලෙසත්, බරපතල තත්ත්වයේ පසුවන සිසුන් ගුවන් මගින් කොළඹට රැගෙන ඒමට ගුවන් හමුදාවට අවශ්‍ය සියලු සහය ලබාදෙන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත. 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්