බිත්තරයක් රුපියල් 40ට අඩුවෙන් පාරිභෝගිකයාට ලබාදීමේ හැකියාව තිබියදී මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයන් අධික ලාභයක් ලබාගැනීමේ අරමුණෙන් මේ වනවිට කූඨ ව්‍යාපාරික කටයුත්තක නියැලී සිටින බව

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

ඔහු ඒ බව පවසා සිටියේ මේ වනවිට ඇතිව තිබෙන බිත්තර ප්‍රශ්නය පිළිබඳව විමසීම සඳහා පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදීය.

එහිදී පාඨලී චම්පික රණවක සහ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් අතර මෙම ඇතිව තිබෙන බිත්තර ගැටලුව හා මේ වනවිට බිත්තර වෙළෙන්දන් විසින් සිදුකරනු ලබන ක්‍රියාවේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳව සාකච්ජාවක් මෙසේ සිදුවිය.

ඒ අනුව චම්පික රණවක පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයාගෙන් විමසා සිටියේ පාරිභෝගික අධිකාරිය විවිධ අවස්ථාවල බිත්තර මිල නියම කරනු ලැබුවත් බිත්තර නිෂ්පාදකයන් පවසන්නේ එම මිල ගණන් වලට බිත්තර ලබාදිය නොහැකි බවයි. එසේනම් මේ සඳහා යම්කිසි නියාමන සුත්‍රයක් තිබෙනවද යන්නයි. ඒ සඳහා පිළිතුරු ලබාදුන් සභාපතිවරයා පවසා සිටියේ පශු කර්මාන්තයට එවැනි පර්යේෂණ ඒකකයක් නොමැති බවයි. 

 
 
 නමුදු නිෂ්පාදන පිරිවැය, ද්‍රව්‍ය වල සුලබතාවය, නිෂ්පාදකයාගේ බෙදාහරින්නාගේ හා සිල්ලර වෙළෙන්දාගේ ලාභය කොපමණද යන්න පිළිබඳව ප්‍රයෝගිකව සුත්‍රයක් ගොඩනැගිය හැකි බව රණවක මන්ත්‍රීවරයා අවධාරණය කරන ලදී.
වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මෙසේ පැවසිය.

“මම හිතන්නේ බිත්තර නිෂ්පාදකයෝ එක්ක එකඟතාවයෙන් හෝ නොමැතිව පාරිභෝගික අධිකාරියට තියෙන්න ඕනේ යම් මිල සුත්‍රයක්. ඒ අනුව නිෂ්පාදකයෝ කියන එක ඇත්තද, බොරුද කියලා හැමෝටම දැනගන්න පුළුවන්. ඒ නිසා පාරිභෝගික අධිකාරිය පළමුව බිත්තරයකට යන පිරිවැය පිලිබඳ එකඟතාවයකට එන්න. මොකද මීට මාස කිහිපයකට කලින් තිබුණ ප්‍රශ්න දැන් විසඳීගෙන යනවා. බඩඉරිඟු හිඟයක් තිබුණා. ආනයනය කිරීම සඳහා ගැටලු තිබුණා. සතුන් ආනයනයට ගැටලු තිබුණා.
 
 දැන් රජයෙන් ආරම්භ කරලා තියෙනවා පාසල් දරුවන්ට ආහාර වේලක් දෙන්න රුපියල් 60 ට. දැන් බිත්තරේම රුපියල් 60 යි. ඒකේ කියලා තියෙනවා බිත්තරේ දෙන්න කියලා. ඊට පස්සේ රුපියල් 100 කළා. දරුවෝ විසිඑක් ලක්ෂයකට ආහාර දෙන්න අධ්‍යාපන අමාත්‍යංශය සුදානම්. එයට බිලියන පනස් ගානක් යනවා. 
 
අපිට පේන හැටියට මේ බිත්තර නිෂ්පාදකයෝ විශාල ලාභයක් උපයනවා. රුපියල් 23 බිත්තර ආනයනය කරනවානම් ඔවුන් බිත්තර රුපියල් 22ට දෙනවා කීවා. මේ පිරිවැය පිළිබඳ නිශ්චිත ඇගයීමක්, තර්කයක්, උසාවියට ගෙනියන්න පුළුවන් තත්වයක්, ගැන කිසිම දෙයක් පාරිභෝගික අධිකාරියක නැහැ.

 
 බිත්තර නිෂ්පාදකයෙක් කීවා මාස 5ක් දක්වා දෛනික ආහාර වේලට යන ප්‍රමාණය, විදුලි බිල, ජල බිල, එක්කහු කරපුවහම අද ඒගොල්ලන්ට පුළුවන් කිව්වා බිත්තරයකට මිල දාන්න රුපියල් 38 ක් කියලා. පාරිභෝගික අධිකාරියේ ආරම්භ කරේම මේ රටේ පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කරන්න. වැඩිපුරම පාරිභෝගිකයාගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන්නේ තමුන්නාන්සේලා. ගරු සභාපතිතුමා හාල් සම්බන්ධයෙන් නිශ්චිත ෆොර්ම්යුලා එකක් තියෙනවා. ඒක හරි නිශ්චිතයි. ඒ අනුව අපි කාටත් වෙළඳපොලේ වී මිල මෙච්චර නම්, හාල් සේරුව මෙච්චරයි කියලා ඒකෙන් එනවා. බිත්තරේටත් ඒ වගේ ෆෝමියුලා එකක් ඕනි.”

එහිදී පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති පවසා සිටියේ කුඩා පරිමාණ නිෂ්පාදන පිරිවැය වැඩි බවත් මහා පරිමාණ නිෂ්පාදන පිරිවැය අඩු බවත්ය.

ඒ සඳහා අදහස් දක්වමින් පාඨලී චම්පික රණවක පවසා සිටියේ පාරිභෝගික සේවා අධිකාරිය මිල සම්බන්ධයෙන් තීරණය ගෙන ඇත්තේ කුඩා පරිමාණ බිත්තර නිෂ්පාදකයන් දෙස බලා බවත් එමගින් මහා පරිමාණ නිෂ්පාදකයන් අතිවිශාල ලාභයක් ලබන බවත්ය.

 
 
" ඒ කියන්නේ පල්ලෙහා අයගේ එක තමයි ගැසට් කරලා තියෙන්නේ. දැන් ඒ කියන්නේ පල්ලෙහා ඈයෝ පවත්වා ගැනීමේ උවමනාව මත. හැබැයි ඒකෙන් වෙන්නේ, පල්ලෙහා අය බේරෙනවා වගේම ඉහළ අයට දැවැන්ත ලාභයක් ලැබෙනවා. මේ විගණකාධිපතිතුමාට පහසුකමක් තියෙනවාද මේගොල්ලන්ගේ මේ මිල ඇගයීමේ ක්‍රමවේදය, එහෙම නැත්නම් මිල සුත්‍රය හදිසි ණය අධීක්ෂණයක් කිරීමේ හැකියාවක් තියෙනවාද?  බිත්තරේ නිෂ්පාදන පිරිවැය කීයද? මහා පරිමාණයේ අයගේ කීයද? ඒ පරතරය කීයද? රණවක මන්ත්‍රීවරයා තවදුරටත් විමසා සිටියේ ය.

සභාපති :
කොම්පැනි කෑම දීලා සම්පූර්ණයෙන් හදනවා. ඒ කියන්නේ ස්ටාටර් එක, ලේයර්, ෆීඩ් එක ඔක්කොම කම්පැනි කෑම දීලම හැදුවොත් දැනුත් යනවා නිෂ්පාදන වියදම රුපියල් 45යි ගාණක්.

චම්පික රණවක :
සුළු පරිමාණ මහා පරිමාණ අයට කොච්චරක් යනවද?

සභාපති:
රුපියල්  37ක් විතර යනවා. ඒගොල්ලන්ගේ මාර්කට් 34 කතාව කිව්වා.

චම්පික රණවක:
පාරිභෝගික අධිකාරියේ ඇස්තමේන්තුව කීයද අද බිත්තරයක්?

සභාපති:
 රුපියල් 37 වෙනවා.

චම්පික රණවක:
දැන් මොකද මේ ආයතන දෙකක ගණන් දෙකක්නේ. ගණන් දෙකේ විශාල පරතරයක් තියෙනවා. ඒ නිසා මේ ගාණ ලබා ගත්ත ක්‍රමවේදය කවරක්ද කියලා දෙපැත්තම එක්කහු වෙලා බලන්න. විගණකාධිපතිතුමාට හරි, දෙපාර්තමේන්තුවේ කවුරුහරි අරගෙන මේක පොඩ්ඩක් ස්වාධීන ඇගයීමක් කරලා බලමු මේක මොකක්ද කියලා.

 

  

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්