මෙවර උතුරේ පැවති මහවිරු සමරු වැඩසටහන් තුළින් කිසිඳු ආකාරයකින් රටේ නීතිය හා සාමය කඩවීමක් සිදුව නැතැයි ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්,

මේජර් ජනරාල් කමල් ගුණරත්න පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදී රජයක් ලෙස කටයුතු කරමින් උතුරේ ගැටලුවට දිර්ඝකාලින විසඳුමක් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පියවර ගනු ඇතැයි ද ඔහු කියා සිටියි.

මේජර් ජනරාල් කමල් ගුණරත්න මේබව කියා සිටියේ, ඊයේ (30) මහනුවරට පැමිණ මහනායක හිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමිනි.

එහිදී ඔහු මෙසේද පැවසිය.

''ඇත්තටම අපිට රජයක් විදිහට මර්ධනකාරී පියවරක් අනුගමනය කරන්න අවශ්‍ය නැහැ. අපි ඒ පිළිබඳ වැඩපිළිවෙලක් ඉදිරි කාලයේදී කරන්න බලාපොරොත්තුව වෙනවා. ඇත්තටම නීතිය කඩවීමක් එතනදී සිදුවෙලා නැහැ. ඒ කියන්නේ කිසිම කලබලයක් සිද්ධවෙලා නැහැ. ඉතින් ඒ අය මහා වීර දිනය කියලා ඒ අය පවසන දිනයක් සැමරීමක් පමණයි සිද්ධවෙලා තියෙන්නේ කිසිම නීතිය කඩවීමක් එතන වාර්තා වෙලා නැහැ කලබලයක් වෙලා නැහැ.

ප්‍රජාතන්ත්‍රවාදයට තමයි අපි මූලික තැන දෙන්න ඕනේ ප්‍රජාතන්ත්‍රවාදයට අනුව අපි ඉස්සෙල්ලාම කලබලයක් ඇති වෙනවා නම් ආරක්ෂාව තහවුරු කිරීමට රටේ නීතිය අනුව අපි ඉස්සෙල්ලාම යොදවන්නේ පොලිසිය. පොලිසිය යොදවලා මොනවා හරි කලබල තත්වයක් ඇතිවෙනවා නම් එහෙම නැත්නම් ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට අවශ්‍ය වෙනවා නම් අපි ඒකේ සම්පූරුණ බලතල දෙන්නේ පොලිසියට.

පොලිසියට පාලනය කරගන්න බැරි තත්වයක් ඇතිවුවහොත් පොලිසියේම කොටසක් වන විශේෂ කාර්ය බලකාය අපි සහයට ගන්නවා. විශාල කලබලයක් විශාල ප්‍රශ්නකාරී තත්වයක් ඇති වුණේ නැත්නම් අපි හමුදාව ඒවට පාවිච්චි කරන්නේ නැහැ.''

 

''වෛරය ක්‍රෝධය පතුරන ප්‍රකාශවලට අපි කැමැති නැහැ''

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා,  ජාතික ආරක්ෂාවට හානියක් නොවන ලෙස  සියලුදෙනා වැඩ කටයුතු කරන්නේ නම් අනවශ්‍ය ප්‍රශ්න බොහෝ දුරට විසඳෙන බවද කියා සිටියේය.

එ සම්බන්ධයෙන් ඔහු මෙසේ පැහැදිලි කිරීමක් කළේය.

''රජයක් විදිහට වෛරය ක්‍රෝධය පතුරන ප්‍රකාශවලට අපි කැමැති නැහැ. ඒ වගේම ජාතීන් අතර අසමගිය ඇති කරන ප්‍රකාශ වලට කවදාවත් තැනක් දෙන්න හොඳ නැහැ.  ආගම් අතර අසමගිය ඇති ප්‍රකාශවලට අපි තැනක් දෙන්න හොඳ නැහැ. ඒවගේම වෛරී දේශපාලනයට අනුව විවිධ ප්‍රකාශ නිකුත් කිරීම අපි අනුමත කරන්න හොඳ නැහැ.

 අපේ රටේ හැම කෙනෙකුටම තමන් අදහන ආගමක් අදහගෙන තමන් අයත් ජන කොට්ඨශයේ තියෙන වැලිව්ස් එහෙම නැත්නම් අතීතයේ සිට එන ඒ සිරිත් විරිත් ආරක්ෂා කරගෙන අනිත් අයට කරදරයක් නොවී බාදාවක් නොවී සමාජයේ ආරක්ෂාව සහ ජාතියට රටට තියෙන ජාතික ආරක්ෂාවට හානියක් නොවන විදිහට හැමෝම වැඩ කටයුතු කරන්න කටයුතු කරනවා නම් මේ ප්‍රශ්න හුඟක් දුරට විසඳෙනවා.''

 

මේජර් ජනරාල් කමල් ගුණරත්න එදා මවපු 'බිල්ලා' !

මෙවර උතුරේ පැවති මහවිරු සමරු වැඩසටහන් සම්බන්ධයෙන් වඩාත් යහපත් ප්‍රවේශයක් අනුගමනය කල ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා යහපාලන ආණ්ඩුව සමයේ උතුරේ පැවති මහවිරු සමරු සම්බන්ධයෙන් මවා පෑවේ බියකරු තත්වයකි.

ඔහු විසින් 2018 ජනවාරි 31දා කළ ප්‍රකාශයක් පහත පළවේ. 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්