මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම්.චාල්ස් ගේ ඉල්ලා අස්වීම පිළිගන්නවා ද? නැද්ද?

යන කාරණය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මෙතෙක් තීරණයක් ගෙන නැතැයි 'ලංකාදීප' වාර්තා කරයි.

මැතිවරණ කොමිසමේ රාජකාරිවලින් තමා ඉල්ලා අස්වන බවට පී.එස්.එම් චාල්ස් ජනාධිපතිවරයාට ඉකුත් 25 වැනි දා ඉල්ලා අස්වීමේ ලිපියක් යවමින් දැනුම් දී තිබිණි.

ඇයගේ ඉල්ලා අස්වීම පිළිගන්නවාද? නැද්ද? යන කාරණය ජනාධිපතිවරයා ඉදිරි දිනකදී තීරණය කරනු ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග උපුටා දක්වමින් 'ලංකාදීප' වැඩිදුරටත් සඳහන් කරයි.

පී.එස්.එම්. චාල්ස් පසුගියදා කොමිසමේ සමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව පලවන වාර්තාවලට ප්‍රතිචාර දක්වමින්, මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා දිගින් දිගටම මාධ්‍ය වෙත කියා සිටියේ ඉල්ලා අස්වූ බවට කිසිදු සාමාජිකයෙකු මෙතෙක් තමන් වෙත නිල වශයෙන් දැනුම්දී නොමැති බවයි.

මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ඉල්ලා අස්වී ඇතැයි මෙතෙක් නිළ වශයෙන් දැනුම් දී නැති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ද පවසා තිබිණ. එහි සභාපති, කතානායක මහින්ද යාපා අබේවර්ධන පැවසුවේ, එලෙස නිල වශයෙන් දැනුම් දුන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

(මුලාශ්‍රය -ලංකාදීප)

 JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්