ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පාර්ලිමේන්තු සැසිවාරය ඊයේ රාත්‍රීයේ අවසන් කරනු ලැබූ අතර ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ නව සැසිවාරය

උත්සවාකාරයෙන් විවෘත කරමින් පර්ලිමේන්තුව ඇමතීමට නියමිතව ඇත්තේ ලබන ජනවාරී 3 වැනිදාය.

කෙසේවුවද ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු හැඳ සිටින ඇදුමෙන් පාර්ලිමේන්තු සභාගැඹට  පිවිසිය හැකි දැයි මේ වනවිට කතාබහක් මතුව ඇත.

ඒ සම්බන්ධයෙන් 'නෙත් නිවුස්' පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී ඔහු පවසා සිටියේ, පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව කථානායකවරයා ජනාධිපතිවරයාගේ ඇඳුම පිළිගන්නේ නම් පාර්ලිමේන්තු සැසි වාරයට සහභාගිවීමේදී කිසිඳු ගැටළුවක් ඇති නොවන බවයි.

සාමාන්‍යයෙන් මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තු සභා ගැඹට පිවිසීමේදී ජාතික ඇඳුම හෝ යුරෝපා සම්ප්‍රදායේ සම්පූර්ණ ඇඳුමෙන් සැරසී සිටිය යුතුය.  කෙසේවෙතත් එසේ නොවූ අවස්ථා කිහිපයක්ද පාර්ලිමේන්තු ඉතිහාසය පරික්‍ෂා කර බැලීමේදී දැකගත හැකිය.

ඉන් එක් අවස්ථාවක් වන්නේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නැගෙනහිර පළාත් මන්ත්‍රීවරයෙකු වු එම්. මොහොදීන්, සාමාන්‍ය හිස් වැසුමට වඩා අඩියක් පමණ උස හිස් වැසුමක් පැළද පාර්ලිමේන්තු සැසියට සහභාගිවීමයි.

එක්සත් ජාතික පක්‍ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ශ්‍රීමනී ඇතුළත්මුදලි මන්ත්‍රීවරියද සාමාන්‍යයෙන් මන්ත්‍රීවරියන් අදින සාරියට පරිභාහිර වෙනත් ඇදුමක් ඇදීමට පාර්ලිමේන්තුවෙන් අවසර ඉල්ලා තිබුණු අතර ඊටද අනුමැතිය හිමිවිය.

ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ අන්ජාන් උම්මා මන්ත්‍රීවරිය ද හිස වැසෙන සේ හිජාබය පැළද පාර්ලිමේන්තු සැසි වාරයට සහභාගී වී තිබේ.

එම සියළු අවස්ථාවලදී පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව කථානායකවරයා අවසර දී ඇත.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු හඳුන්වාදුන් සරල කමිසය මේවනවිට ඉන්දියාවේ මාධ්‍ය ඔස්සේ පවා ජනප්‍රිය වී ඇත්තේ 'ගෝඨාස් සුට්' ලෙසය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්