තමන්ව පොලිසිය භාරයේ රඳවාගෙන සිටි කාලයේදී අවස්ථා කිහිපයකදී තමන්ව ඝාතනය කිරීමට සැලසුම් කළ බවට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඊයේ (පෙබරවාරි 02) මාධ්‍ය
හමුවක් කැඳවා කොළඹදී විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.

 අධිකරණයෙන් ඇප මත නිදහස් කළ ඔහු ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් එබව කියා සිටියේය.

ඒ සඳහා පොලිස් නිලධාරීන් ක්‍රියා කළ ආකාරය සහ ඊට සම්භන්ධ වූ නිලධාරීන් ගැන ඔහු එහිදී සඳහන් කළේය. එම පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද ඔහු එහිදී පැවසීය.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රැඳවුම් භාරයේ තබාගෙන පසුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඔහුට එරෙහිව එල්ල කොට තිබු ත්‍රස්ත චෝදනා ඔප්පු කිරීමට පොලීසිය අසමත්වීම නිසා වසන්ත මුදලිගේ දින 167කට පසුව ඇප මත නිදහස ලැබීය.
 

 

JW

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්