සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන දර්ශන හඳුන්ගොඩ කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබේ.



ඊයේ (05) රාත්‍රී ඩුබායි සිට මෙරටට පැමිණෙමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් ආරංචිමාර්ග පවසන්නේ, පසුගිය මැයි මස 09 වෙනිදා අරගලකරුවන්ට අරලියගහ මන්දිරය ඇතුලට කඩා වැදීම සඳහා ඔහු විසින් අනුබල දී ඇතැයි සැකය මත සිදුකෙරෙන විමර්ශ වලට සහය නොදී රටින් පියවීම සම්බන්ධයෙන් මොහුට චෝදනා එල්ල වී ඇතිබවයි.

මිට පෙර අවස්ථා කිහිපයක දී ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව 4 වන තට්ටුවට කැඳවා ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කර තිබිණ.

මිට සති කිහිපයකට පෙරදී ඔහුට යලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එන්නැයි දැනුම්දුන් අවස්ථාවේදී ඔහු විදේශගතව සිටින බවට වාර්තාවීමත් සමග පොලිසිය විසින් ඒ පිළිබඳව අධිකරණයට දැනුම් දී තිබිණ.

කටුනායක ගුවන් තොටුපලදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබුනේ එම උසාවි නියෝගයට අනුවය.

තම අදදින යළි දිවයිනට එන බවත්, අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන බවත් දර්ශන හඳුන්ගොඩ විසින් මිට දින කිහිපයකට පෙරදී පොලිසියේ බලධාරීන් දැනුවත් කර තිබී ඇත.

අත්අඩංගුවට ගත් දර්ශන හඳුන්ගොඩ ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව උසාවිය වෙත ඉදිරිපත් කරන බව පොලිසිය පවසයි.

දර්ශන හඳුන්ගොඩ රටේ ප්‍රබල දේශපාලන සහ සමාජ කථිකාවක් ගොඩ නැගූ “SL-දේශය” යූ ටියුබ් නාලිකාව පවත්වාගෙන ගියේය.

රටේ සෑම නිලයකම දේශපාලකයින්, සිවිල් සහ ආරක්ෂක ප්‍රධානීන්, සමාජ ක්‍රියාකාරීන් සමග සමග සම්බන්ධ වෙමින් ඍජුව ඔවුන්ව ප්‍රශ්න කරමින්, ආන්දෝලනාත්මක දූෂණ හෙළි කරමින් ඔහු සිය මාධ්‍ය වෘත්තියේ නිරත වූවෙකි. 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්