රට බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති මේ අවස්ථාවේදී ආර්ථිකය අඩපන කෙරෙන කිසිඳු අකාරයේ අවදානමක් නොගත යුතුබව එක්සත් ජාතික පක්ෂයේ අධ්‍යාපන, පුහුණු හා පර්යේෂණ අංශය අවධාරණය කර සිටියි.


එජාප අධ්‍යාපන, පුහුණු හා පර්යේෂණ (ETR) අංශ ප්‍රධානී ප්‍රකට ව්‍යවසායක කිෂාන් තියඩෝර් එබව කියා සිටියේ, අර්බුදයෙන් හා පසුගිය සමාජ දේශපාලනික ව්‍යසනයෙන් ශ්‍රී ලංකාව හිස ඔසවමින් සිටින මේ මොහොතේ විරෝධය සහ විචාර මිස විසඳුම් නිර්මාණය කරන්නට බැරි, අයට බලය දීමේ රිස්ක් ගැනීමට මෙය සුදුසු අවස්ථාවක් නොවන බව පෙන්වාදෙමිනි.

පසුගිය යහපාලන රජය සමයේ රුපියල් 8ට තිබූ බිත්තරයක් රුපියල් 68ට කන්නට වූවේද එවැනිම වූ විරෝධය මුල්කරගෙන මිනිස්සු ගත් රිස්ක් එකක් නිසා බව ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.

එජාප අධ්‍යාපන, පුහුණු හා පර්යේෂණ අංශය විසින් එම පක්ෂයේ ක්‍රියාකාරීන් දැනුවත් කිරීම සඳහා පසුගිය දින කිහිපයේ දිස්ත්‍රීක් කිහිපයක වැඩමුළු සංවිධානය කර තිබු අතර කිෂාන් තියඩෝර් ඉහත ප්‍රකාශය සිදුකරනු ලැබුවේ ඊයේ (08) නුවරඑළියේ පැවති වැඩමුළුවේදීය.

හිටපු සංචාරක අමාත්‍ය හා ජවිපෙ හිටපු මන්ත්‍රී අචල ජාගොඩ, කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු කථිකාචාර්ය හා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ  හිටපු උපදේශක දිලන්ත විතානගේ, ප්‍රබුද්ධ ලංකා කැදවුම්කරු ආචාර්ය  චමින්ද මලලසේකර සහ කිෂාන් තියඩෝර් මෙම වැඩමුළුවල සම්පත් දායකයින් ලෙස සම්බන්ධ විය.

පෙබරවාරි 2 දා පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආරම්භවූ මෙම වැඩමුළු පෙබරවාරි  6 වනදා කෑගල්ල දිස්ත්‍රික්කයෙත්, පෙබරවාරි 07දා කලුතර  දිස්ත්‍රික්කයෙදිත්, පෙබරවාරි 08දා නුවරඑළිය දිස්ත්‍රික්කයෙදිත් සංවිධානය කර තිබිණ.

මාතර දිස්ත්‍රීක් වැඩමුළුව හෙට (09) දින පැවැත්වීමට නියමිතය,

විපක්ෂය විසින් ගෙනයන ආණ්ඩු විරෝධය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ ජවිපෙ හිටපු මන්ත්‍රී අචල ජාගොඩ, '' ප්‍රශ්නය තමන්ගේ නොවනතුරු පිළිතුර දාර්ශනික බව'' කියා සිටියේය.


පුත්තලම වැඩමුළුව :

View the embedded image gallery online at:
https://theleader.lk/news/15529-etr-202329#sigProIdfc3e1fff15



කෑගල්ල වැඩමුළුව :

View the embedded image gallery online at:
https://theleader.lk/news/15529-etr-202329#sigProIde5b29bd8af


JW


Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්