ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ යාපනය සංචාරයට විරෝධය පළ කරමින් පැවති සාමකාමී විරෝධතාව

පොලිසිය විසින් දැඩි ලෙස මර්දනය කිරීම සම්බන්ධයෙන් සිවිල් ක්‍රියාකාරීන්ගෙන් විවේචන එල්ල වෙමින් තිබේ.

විරෝධතාවට එක්වූ අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා කජේන්ද්‍රන් ඇතුලු 18 දෙනෙකු පෙබරවාරි (11 වැනිදා) අත්අඩංගුවට ගැණුනු අතර පසුව ඇප මත මුදා හැරිණ.

සිවිල් ක්‍රියාකාරීන් පවසන්නේ දකුණේ මෙන්ම උතුරේත් උද්ඝෝෂණ මර්දනය තුළින් ආණ්ඩුව ජනතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ලබා දී ඇති අයිතීන් උල්ලංඝනය කරන බවය.

වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව අවධාරණය කළේ, ආණ්ඩුවට එරෙහිව තම මතය ප්‍රකාශ කිරීම හා විරෝධය පළ කිරීමට ඇති අයිතිය ජනතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ලබා දී ඇති අයිතියක් බවය.

zdtfwset


ආණ්ඩුව යාපනයේදී පොලිසිය යොදවා උල්ලංඝනය කළේ එම අයිතිය බවත් උද්ඝෝෂකයින් අත්අඩංගුවට ගැනීම තුළ පොලිසිය පෙන්වනු ලැබුවේ මර්දනය බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් අවධාරණය කළේය.

“රනිල් වික්‍රමසිංහ - රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව ජනතාව නැගිටින එක මර්දනය කරන්නයි ආණ්ඩුවට අවශ්‍ය වෙලා තියෙන්නේ. උද්ඝෝෂණ කිසි එකකට ඉඩ දෙන්නේ නැහැ. දකුණෙත් එහෙමයි උතුරෙත් එහෙමයි.” ඔහු අවධාරණය කළේය.

සිවිල් ක්‍රියාකරීන් පෙන්වා දෙන්නේ මෙම උද්ඝෝෂණ පැවැත්වීම වළක්වමින් අධිකරණය වාරණ නියෝගක් නිකුත් කර නොතිබූ බවය.

අදාළ උත්සවය පැවැත්වෙන ස්ථානයට මීටර් 500ක් දුරින් උද්ඝෝෂණයේ යෙදීමට හැකියාව තිබියදී සෙල්වරාජා කජේන්ද්‍රන් මන්ත්‍රීවරයා ඇතුලු 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ බව ජෝශප් ස්ටාලින් ප්‍රකාශ කළේය.

“වෘත්තීය සමිති හා බුහුජන සංවිධාන එකතුව හැටියට අපි දැඩිව විරෝධය පළ කරනවා, ජනතාවගේ ප්‍රජානත්ත්‍රවාදී උද්ඝෝෂණය කිරීමේ අයිතියට එල්ල කරමු මරු පහර සම්බන්ධයෙන්.”

මානව හිමිකම් ක්‍රියාකාරිනියක සහ දේශපාලන ක්‍රියාකාරිනියක වන ස්වස්තික අරුලිංගම් කියා සිටියේ යාපනය පැවැති උද්ඝෝෂණය ඉතා සමාකාමී එකක් බවය.
ප්‍රචණ්ඩත්වයක් එහි නොතිබූ බව ඇය පෙන්වා දුන්නාය.

උද්ඝෝෂණය ව්‍යස්ථා රාමුවට හා නීතිමය රාමුවට අනුකූළව පැවති බව ඇය අවධාරණය කළේය.

ආණ්ඩුව පොලිසිය යොදවා මෙය මර්දනය කරනු ලැබුවේ එය ජනාධිපතිවරයාට එරෙහිව පැවති විරෝධතාවක් නිසා බවද ඇය පැවසීය.

ඇය චෝදනා කර සිටියේ උතුරේ වේවා, දකුණේ වේවා සිය මමත්වය නිර්මාණය උදෙසා ජනාධිපතිවරයා පොලිසිය සහ සන්නද්ධ හමුදා තම පෞද්ගලික දේපළක් ලෙස භාවිත කරමින් සිටින බවය.


පොලිසිය මොකද කියන්නේ...?

කෙසේවෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව බීබීසී සිංහල වෙත කියා සිටියේ , චෝදනා කිහිපක් මත යාපනයේදී විරෝධතාකරුවන් පිරිස අත්අඩංගුවට ගත් බවය.

අධිකරණයට අපහාස කිරීම, අධිකරණ නියෝග කඩ කිරීම, අයුතු ජනරාශීය, අයුතු අවහිරය, මංමාවත් පනත යටතට ගැණෙන වැරදි, සහ සාපරාධී බිය ගැන්වීම, යන චෝදනා මත එම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව ඔහු සඳහන් කළේය.

රාජ්‍ය උත්සව පැවැත්වෙන මීටර් 500ක සීමාව තුළ උද්ඝෝෂණ පැවැත්වීමට නොහැකි බවට අධිකරණ නියෝගයක් ලබා ගෙන තිබූ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා සඳහන් කළේය.

උද්ඝෝෂකයින් මීටර් 500 සීමාව තුළ සිටි බව පොලිසිය වාර්තාකර ඇතැයි ද ඔහු පැවසීය.


ජනපති ප්‍රධානත්වයෙන් යාපනයේ නිදහස් සැමරුම් සංස්කෘතික මංගල්‍යයක්..

xfgry

රජයේ ප්‍රතිපත්තිය සංහිඳියාව, සංවර්ධනය සහ සංස්කෘතිය බවත් වැටී ඇති රට ගොඩනැඟීමට අලුත් බලාපොරොත්තුවකින් සියලු ජන කොටස් සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගත යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.

ඔහු මේ බව සඳහන් කළේ ඉන්දීය රජයේ ආධාර මත රුපියල් කෝටි 1350ක වියදමින් යාපනයේ ඉදි කළ “සංස්කෘතික මහමැදුර” විවෘත කිරීමේ උත්සවයට එක් වෙමිනි.

ඉන්දීය ධීවර රාජ්‍ය අමාත්‍ය එල්. මුරුගන්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අංගජන් රාමනාදන්, සෙල්වම් අඩෙක්කලනාදන්, එම්. ඒ. සුමන්තිරන්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ, ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

75 වන ජාතික නිදහස් සැමරුමට සමගාමීව “නමෝ නමෝ තායෙ සංස්කෘතික මංගල්‍යය” දැවැන්ත සංගීත ප්‍රසංගයක් ද සමගින් පෙබරවාරි (11) රාත්‍රියේ යාපනය කොටුව අසළ මුට්රවෙලි එළිමහන් රංග පීඨයේ දී පැවැත්විණි.

75 වන නිදහස් දිනයට සමගාමීව නිදහස් සමරු පෙළපාලියක් යාපනය සංස්කෘතික මධ්‍යස්ථාන භූමියේ දී පැවැත්විණි.

එය නැරඹීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිස සහභාගි වූ අතර ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ ද ඊට එක් විය.



නිදහස් දිනය කළු දිනයක් ... යාපනයේ සිට මඩකළපුවට පැමිණි පාගමන

xfgdrgt
නිදහස් දිනය 'කළු දිනයක්' ලෙස පවසමින් උතුරු - නැගෙනහිර ශිෂ්‍ය සංගම් විසින් ‘උතුරේ සිට නැගෙනහිර දක්වා’ යන තේමාව යටතේ විරෝධතා පාගමනක් පවත්වනු ලැබීය.

පසුගිය 04 වනදා ආගමික නායකයන් සහ සිවිල් සංවිධාන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් යාපනය විශ්වවිද්‍යාල භූමියෙන් ආරම්භ වී යාපනය නගරය හරහා පා ගමන කිලිනොච්චියට ළඟා විය.

පෙබරවාරි 05 වනදා කිලිනොච්චියේ සිට මුලතිව් කරා ගමන් කළ විරෝධතා පා ගමන පෙබරවාරි 6 වැනිදා ත්‍රිකුණාමලය දක්වා පැමිණියේය.

සිව් වන සහ අවසන් දිනය වූ පෙබරවාරි 7 වනදා ත්‍රිකුණාමලයේ සිට මඩකලපුව වේබර් ක්‍රීඩාංගණය දක්වා පාගමන පැවැත්විණ.

මඩකලපුව වෙබර් ක්‍රීඩාංගණයේ දී විරෝධතා පාගමනේ අවසානය සනිටුහන් කරමින් ප්‍රකාශනයක් එළිදක්වනු ලැබීය.

උතුරු නැගෙනහිර ගම්බිම් ආශ්‍රිත ප්‍රදේශ වලින් හමුදාව ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් ඒ අතරට අයත්ය.

බලහත්කාරයෙන් අතුරුදන් කළ වූවන්ට යුක්තිය ඉටු කළ යුතු බවද ආරක්ෂක අංශ භාරයේ ඇති දෙමළ ජනයාගේ ඉඩම් වහා නිදහස් කළ යුතු බවද මෙහිදී අවධාරණය කෙරිණ.

එමෙන්ම දෙමළ දේශපාලන සිරකරුවන් සියලු දෙනා වහා නිදහස් කළ යුතු බවද පාගමනට එක්වූවන් මෙහිදී ඉල්ලා සිටියහ.

(BBC සිංහල සේවය )



සබැඳි පුවත් :

ජනපති යාපනයෙන් එළවීමට ගිය දෙමළ 18ට උසාවියෙන් ඇප

දෙමල මන්ත්‍රී සේලවරාසා ගජේන්ද්‍රන් අත්අඩංගුවට

 


 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්