'නේත්‍රා' නාලිකාව මුළු දිවයිනම ආවරණය වන පරිදි විකාශන කටයුතු පුළුල් කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා ජාතික රුපවාහිනියේ අධ්‍යක්ෂ ජනරාල් අසංග ජයලත් පවසයි.

 

රූපවාහිනී සංස්ථාව විසින් නේත්‍රා නාලිකාව ආරම්භ කරනු ලැබුවේ දමිළ ජනතාවගේ සංස්කෘතික කටයුතු හා ආගමික කටයුතු සඳහා විශේෂ අවධානයක් යොමු කිරීමේ අරමුණ පෙරදැරිව යි. ඒ මංගල සමරවීර ජනමාධ්‍ය ඇමතිව සිටියදීය.

 

අනෙකුත් තරඟකාරී නාලිකාවන් අතරින් ශ්‍රී ලාංකික ජනතාවගේ සිතැඟි පරිදි දේශීය නිෂ්පාදනයන් කෙරෙහි විශ්වාසය තබා ඇති නේත්‍රා නාලිකාව අද වන විට දමිළ ජනතාවගේ මහත් ආකර්ෂණයට ලක් වී ඇතැයි අසංග ජයලත් පවසයි.

වර්තමානයේ නේත්‍රා නාලිකාව විසින් දමිළ ජනතාවගේ ආගමික හා අධ්‍යාපනික කටයුතු සඳහා විශේෂ අවධානයක් යොමු කරමින් තවත් නවමු අත්දැකීම් රැසක් එක් කිරීමට කටයුතු සම්පාදනය කරමින් සිටින බවද ඔහු කියා සිටියි.

 

324407077 698083508373681 2181717889405811015 n

ජාතික රුපවාහිනියේ අධ්‍යක්ෂ ජනරාල් අසංග ජයලත්

 

දශක හතරක අභිමානවත් ඉතිහාසයක් සමග ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව  41 වන සංවත්සරය සමරනු ලබන මෙම අවස්ථාවේ ඊට සමගාමීව ජාතික නාලිකාවේ සහෝදර නාලිකාව වන නේත්‍රා නාලිකාව මුළු දිවයිනම ආවරණය වන පරිදි විකාශන කටයුතු පුළුල් කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව යාපනයේ පිහිටි සන්නිවේදන කුලුන ඔස්සේ ලංකාවේ උතුරු නැගෙනහිර ජනතාව හා මුළු දිවයිනටම වඩා වැඩි පැහැදිලි දසුන් හසු කර ගැනීමටත්, මේ  වනවිටත් හැකි වී තිබේ.

 


එමෙන්ම එම නාලිකාවේ ගුණාත්මකභාවය වැඩි කිරීම සඳහා වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත.

ජාතික රූපවාහිනියේ විකාශනය වන නැණ මිහිර සම්මන්ත්‍රණය පාඨ මාලාවට සමගාමීව දමිළ සිසුන් සඳහා නේත්‍රා නාලිකාව මගින් ද ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ හා වැඩමුළු මාලාවක් සංවිධානය කිරීමට කටයුතු කොට තිබේ.

උතුරු නැගෙනහිර, මධ්‍යම, වයඹ හා බස්නාහිර පළාත් හි එම සම්මන්ත්‍රණ පාඨ මාලා සිදු කරනු ඇති අතර, එමගින් දුෂ්කර පළාත්හි දමිළ පාසැල් සිසුන් සඳහා විශේෂ සහයෝගයක් ලැබෙතැයි අපේක්ෂා කෙරේ.

 

දමිල ජනතාව හා සංස්කෘතිය අතර ඇත්තේ, අත්‍යන්ත බැඳීමකි. එම බැඳීම මුල් කරගනිමින් දමිළ ජනතාවගේ විවිධ සංස්කෘතික අංග ඒකාබද්ධ කොට සංස්කෘතික මංගල්‍යයක්  නේත්‍රා නාලිකාව මගින් සංවිධානය කිරීමට ද බලාපොරොත්තු වන බව ජාතික රුපවාහිනියේ අධ්‍යක්ෂ ජනරාල් අසංග ජයලත් වැඩි දුරටත් කියා සිටියේය.

 

2023 මාර්තු 08 දිනට යෙදෙන කාන්තා දිනය වෙනුවෙන් දමිළ කාන්තාවන්ගේ සහභාගිත්වයෙන් වැඩසටහනක් විකාශනය කිරීමට කටයුතු යොදා ඇති අතරම  උතුරු නැගෙනහිර පළාත් රැකියාවන්හි නිරතව කාන්තාවන්ට දිරි දීමක් වශයෙන් නේත්‍රා නාලිකාව මගින් විකාශනය වන "වනක්කම් නේත්‍රා" වැඩසටහන මගින් ගුවන් කාලයක් ලබාදී, ස්වයං රැකියා වැඩිදියුණු කිරීමට අවස්ථාවක් සලසාදීම නුදුරේම සිදු කිරීමට කටයුතු යොදා තිබේ.

තවත් ඉදිරි පියවරක් තබමින් දමිල ප්‍රේක්ෂකයින් නිෂ්පාදනය කරන කෙටි චිත්‍රපට ගීත නේත්‍රා නාලිකාව මගින් නොමිලේ විකාශනය කර ඔවුන්ගේ ඉදිරි අනාගතයට අත්වැලක් සැපයීමට මෙන්ම ඔවුන්ගේ කලා හැකියාවන් සමාජගත කිරීමට ද ජාතික රුපවාහිනිය බලාපොරොත්තු වේ.

එමෙන්ම ක්‍රීඩාව සඳහා සහජ දක්ෂතා ඇති දමිල දරුවන්ට, ඉදිරියට ඒමට ඇති අවස්ථාවන් ඉතාමත් දර්ලභ බැවින්, සැඟවුණු සහජ දක්ෂතා ඇති පාසැල් දරුවන් නේත්‍රා නාලිකාව මගින් හඳුන්වා දී, ඔවුන්ගේ ක්‍රීඩා ක්‍රියාවන් ඔප්නැංවීම ද තවත් සුවිශේෂ අරමුණකි.

ප්‍රේක්ෂක රසාස්වාදය උදෙසා, සෑම දිනකම පස්වරු පව 6.30 ත් පව 9.00ත් අතර ගුවන් කාලය තුළ, නවතම ටෙලි නාට්‍ය පෙළක් සහ සති අන්තයේ චිත්‍රපට පෙළක් ද ඉදිරිපත් කිරීමට 'නේත්‍රා ' බලාපොරොත්තු වේ.

 

එමෙන්ම උතුරු නැගෙනහිර ජීවත්වන දෙමළ  ජනතාවට නේත්‍රා නාලිකාව හා භෞතිකව සම්බන්ධ වීමට කොළඹට පැමිණීමේ බාධාවන් ඉවත් කරමින්,  ඉදිරියේදී නේත්‍රා නාලිකාවේ ශාඛාවක් යාපනය දිස්ත්‍රික්කයේ ස්ථාපනය කිරීමට බලාපොරොත්තු වන අතර, එමගින් ප්‍රදේශයේ ජනතාවට ජාතික රූපවාහිනියේ  නේත්‍රා නාලිකාව හා සමීපව කටයුතු කරන්නට ඉඩ ප්‍රශ්තාව ලැබෙනු ඇත.

 

සුන්දර නුවරඑළිය ප්‍රවර්ධන වැඩසටහන 2023 වසරේ සිට නේත්‍රා නාලිකාව ඔස්සේ ද විකාශනය වේ.

මේ අනුව දමිළ ජනතාවගේ සිතැඟි ආකර්ෂණය කරගෙන සිටින විදේශීය නාලිකාවන් වෙනුවට, දේශීය නිෂ්පාදනයන් මෙන්ම ආකර්ෂණීය විදෙස් සිනමා පට හා ටෙලි නිර්මාණ වලින් සමන්විත සැඟවුණු තාරුණ්‍යයේ ක්‍රීඩාවන් සහ කලා හැකියාවන්ට ඉඩහසර ලබා දෙන නව මාවතකට පිලිපන් නේත්‍රා නාලිකාව නුදුරේදීම උතුරු නැගෙනහිර ජනතාවගේ සමීපතම මිතුරකු ලෙස තව තවත් ඔවුනට ළං වෙනු ඇතැයි ජාතික නාලිකාවේ අධ්‍යක්ෂ ජනරාලවරයා බලාපොරොත්තු වේ.

නේත්‍රා නාලිකාව මුළු දිවයිනම ආවරණය වන පරිදි පහත සඳහන් සංඛ්‍යාත ඔස්සේ විකාශන කටයුතු පුළුල් කිරීමට පියවර ගෙන ඇත. එම සංඛ්‍යාත සුසර කර නේත්‍රා නාලිකාව සුපැහැදිලිව නැරඹිය හැකි ය.


YHF CH7   189.25 MHz
UHF CH23 487.25 MHz
UHF CH52 719.25 MHz
UHF CH52 719.25 MHz
UHF CH39 615.25 MHz
UHF CH46 671.25 MHz
UHF CH35 583.25 MHz
UHF CH39 615.25 MHz


JW


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්