තැපැල් ඡන්දය දින නියමයක් නොමැතිව කල්දැමීමට තීරණය කර ඇති බව මැතිවරණ කොමිසම පවසයි.

නියමිත මුදල් ගෙවන තෙක් තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම රජයේ මුද්‍රණාලය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම ඊට හේතු වී ඇතැයි සඳහන් වේ.

 2023 පළාත් පාලන මැතිවරණයේ තැපැල් ජන්ද ප්‍රකාශ කිරීම මෙම මස 22, 23 සහ 24 යන දිනවල සිදුකිරීමට නියමිතව තිබිණ.


‘ඡන්ද අයිතියට අත තිබ්බොත් බලාගෙනයි‘



රටේ ජනතාව සතු ඡන්දය පිළිබඳ වූ අයිතිය උදුරා ගැනීමට දරන ඕනෑම ප්‍රයත්නයකට කොන්දේසි විරහිතව විරෝධය පළ කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී  සියලු බලවේග සමග සමගි ජනබලවේගය කටයුතු කරණ බව එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කළේය.

ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලට යොමු නොවී මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා ජනාධිපතිවරයා සමග ආණ්ඩුව ක්‍රියා කළයුතුයැයිද  මහලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

“පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම මුදල් ලබාදීමට නොහැකි නම් අත්හිටුවන බවට දැනුම් දී ඇතැයි මැතිවරණ කොමිසම ප්‍රකාශ කළ බව මාධ්‍ය විසින් වාර්තා කොට තිබේ.

මැතිවරණය පැවැත්වීමට  මුදල් ලබා නොදෙන්නේ නම් එය පැහැදිලිම ජනතාවගේ පරමාධිපත්‍ය උදුරා ගැනීමකි. එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාගේ වගකීමක් ලෙස පවරා ඇති මැතිවරණයක් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම පිළිබඳ වූ වගන්ති උල්ලංඝනය කිරීමකි. එය ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලබන බරපතළ ව්‍යවස්ථා ව්‍යවස්ථා උල්ලංඝනයක් බව ඔහු අවධාරණය කරයි.


සබැඳි පුවත්
තැපැල් ඡන්දය 22 : මෙතෙක් නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර නැ!





JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්