තමා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් නොවන බව අගමැති දිනේෂ් ගුණවර්ධන අවධාරණය කර සිටියි.



තමාට සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසට කිසිදු පාර්ශ්වයකින් ඉල්ලීමක් හෝ බලපෑමක් නැතැයිද ඔහු පවසයි.

තමා අගමැති ධූරයෙන් ඉල්ලා අස්වන බවට පැතිර යන පුවත අසත්‍යයක් බවත් මෙම ප්‍රචාරය රජය ගෙන යන වැඩපිලිවෙල කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණයක කොටසක් බවත් අගමැති දිනේෂ් ගුණවර්ධන වැඩිදුරටත් කියා සිටියි.

අගමැතිවරයා මෙසේ ප්‍රකාශ කර ඇත්තේ අග්‍රාමාත්‍යවරයා අස්වන බවටවූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමිනි.



''මහින්ද යළි අගමැති කරන්න අපෙන් සහය ඉල්ලුවා' - චන්න ජයසුමන

මහින්ද රාජපක්ෂ යළි අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමට සහය ඉල්ලා සිටි බව නිදහස් ජනතා සන්ධානයේ නියෝජනය කරන චන්න ජයසුමන පසුගියදා සඳහන් කළේය.

චන්න ජයසුමන මන්ත්‍රීවරයා එබව කියා සිටියේ, මාධ්‍ය හමුවකදී  මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයක පිළිතුරු ලබා දෙමිනි.

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්