මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක පෙළපාලි යාම සම්පුර්ණයෙන්ම තහනම් බවත්,

ජාතික ජනබලවේගයේ පෙළාපාලිය පොලිස් නවතා දැමුවද  ඔවුන් පැවැත් වු ජනහමුවට කිසිදු බාධායක් සිදු නොකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව පවසයි.

අවසර ලබාගෙන සාමකාමිව පවත්වන උද්ඝෝනවලට පොලිසිය කිසිදු බාධාවක් සිදු නොකරන බවත්, මාර්ග, පෙළපාලි යාමට අවසර හිමි නොවන බවද හෙතෙම කියා සිටියේය.

ඒ සදහා ඔවුන්ට නිදහස තිබෙන බවත්, මීට දින කිහියකට පෙර හයිට්පිටියේ වෘත්තිය සමිති කිහිපයක් පැවත් වු රැස්වීමට පොලිසිය කිසිදු බාධායක් සිදු නොකළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

ඕනෑම පක්ෂයකට හමු පැවැත්වීමට, රැස්වීම් පැවැත්වීම, හැකියාව ඇති බවත් හෙතෙම කීය.

ජනබලවේගය සමාජිකයන් විහාර මහාදේවි උද්‍යාපනය හා ඒ අවට රැදී සිටීමට හා ලිෆ්ටන් වටරවුමේ රැස්වීම් පැවැත්වීමට පොලිසිට කිසිදු බාධාවක් සිදු නොකළ බවත්, මාර්ගය සම්පුර්ණයෙන්ම අවහිර කරමින් පෙළපාලි නොයන ලෙසට පොලිසිය ඔවුන්ට දැනුම් දී එම පෙළපාලිය නැවැත්වීමට කටයුතු කළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටක් කීය.


පොලිසියෙන් පැය 24ක් ඇතුළත පූර්ණ වාර්තාවක් ඉල්ලයි

කොළඹ යුනියන් පෙදෙසේ උද්ඝෝෂණයේ යෙදී සිටි උද්ඝෝෂණකරුවන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් පැය විසිහතරක් ඇතුළත වාර්තාවක් ලබාදෙන්නැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පොලිස්පති චන්දන වික්‍රමරත්න ට නියෝග කර ඇත.

මානව හිම්කම් කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ද මේ සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

වාර්තාවේ කරුණු පදනම් කර ගෙන ඉදිරි පරීක්ෂණ සිදු කරන බව ද එහි දැක්වෙයි.

jdflkdsfපැය 24ක් ඇතුළත පූර්ණ වාර්තාවක් ලබා දෙන්නැයි, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පොලිස්පතිට දැනුම්දී තිබේ.

  

''ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණයට පහරදී සිදුකළ ඝාතනයේ වගකීම රනිල් බාරගත යුතුයි'' – ජාතික ජන බලවේගය

ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණයට පහරදී සිදුකළ ඝාතනයේ වගකීම රනිල් වික්‍රමසිංහ බාරගත යුතු බව ජාතික ජන බලවේගය අවධාරණය කරයි.

ජාතික ජන බලවේගය මේ බව අවධාරණය කර සිටියේ අද (27) පස්වරුවේ, බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.

එම මාධ්‍ය හමුව සඳහා ජාතික ජන බලවේගයේ විධායක සභික, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ජාතික ජන බලවේගයේ විධායක සභික, එහි ප්‍රධාන ලේකම්, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, ජාතික ජන බලවේගයේ විධායක සභික නීතිඥ හර්ෂණ නානායක්කාර සහ ජාතික ජන බලවේගයේ විධායක සභිකයින් වන ජනත විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලෙකම් විජිත හේරත් සහ පාලක ලෙකම් ලාල්කාන්ත එක්වී සිටියහ.

“ඉතාම සාමකාමී උද්ඝෝෂණයකට මෙලෙස පහරදීලා මිනිස් ජීවිතත් එක්ක සෙල්ලම් කරන එක ඉතාම බරපතල කාරණයක්. ඒ නිසා මේ නැති වෙච්ච ජීවිතයේ වගකීම රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව භාර ගතයුතුව තිබෙනවා. මොකද අපි ගියේ පොලිසිය එක්ක ගැටෙන්න නෙමේ. අපි ගියේ වෙනදේකට නෙමේ. අපි ගියේ, මැතිවරණය කියන්නේ ජනතාවගේ අයිතියක්. ඒ ජනතාවගේ අයිතිය පැහැර ගත්තාම අපිට අතපය ඇකුලන් බලන් ඉන්න බැහැ. ඒ නිසා අපි අපේ විරෝධය පළ කරන්න ගියේ සාමකාමී විදිහට.” ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා වැඩිදුරටත් පැවසිය.



සබැඳි පුවත් :

මාලිමා විරෝධයේදී අධිකරණ නියෝග කඩ වුණාද? නැද්ද?

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්