leader s

අධිකරණ නියෝග නොතකා ජාතික ජනබවේලය විසින් විරෝධතාවයේ නිරත වීම සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත ඔවුන්ව අත්අඩංගුවට ගැනීමේ හැකියාව පවතින බව නීතීවේදීන් පවසති.


 ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා පැවසුවේ, නම් වශයෙන් සඳහන් කර අධිකරණ නියෝග නිකුත් කර තිබියදීත් එය නොතකා විරෝධතාවයේ යෙදීම බරපතල වරදක් බවයි.


ව්‍යවස්ථාවට අනුව මූලික අයිතිවාසිකම් ලෙස පවතින අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අනෙකාගේ නිදහසට බාධා නොවන අයුරින් සිදුකිරීමට සියලුදෙනා සතුව වගකීමක් ඇති බව ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.



කෙසේවෙතත් ලබාදුන් අධිකරණ නියෝග නොතකමින් විරෝධතාවයේ නිරත වීම සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායකගෙන් 'නෙත් නිවුස්' කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, අධිකරණ නියෝග කඩකළේයැයි කියන චෝදනාව සම්බන්ධයෙන් නීතීඥවරුන්ගෙන් විමසීමක් කළ යුතු බවයි.  


 අධිකරණ නියෝග දෙකක් !


මාලිමාවේ විරෝධතා පාගමන හා විරෝධතාවය වළක්වාලන ලෙසට පොලීසිය ඊයේ (26) පෙරවරුවේ සිදුකළ ඉල්ලීමක් අනුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හා මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඇතුළු නම් කරන ලද පුද්ගලයින් 26 දෙනෙකුට අදාළව ආඥාවන් නිකුත් කර තිබිණ.

ඒ අනුව රෝහල් චතුරස්‍රය හා ඒ අවට පිහිටා ඇති රෝහල්වලට බාධා වන ලිප්ටන් වටරවුමේ සිට ඩීන්ස් පාර, සීමන්ස් පාර හන්දිය දක්වා ඇති මහා මාර්ගය පදික වේදිකා භාවිත කළ නොහැකි ලෙස අහුරමින් සිදුකරන උද්ඝෝෂණයන්ට හා පෙළපාලි මෙහෙයවන්න ට එරෙහිව එම ආඥා නිකුත් කර තිබිණ.

පොලීසිය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

 

1Police2
සබැඳි පුවත් :
ජාජබ විරෝධයට එක් වූ 20ක් රෝහලේ !

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්