leader s

"විරෝධය කොළඹට" යන මැයෙන් ජාතික ජන බලවේගය සංවිධානය කර තිබු විරෝධතාවයට එල්ල වු ජල හා කදුළු ගෑස් ප්‍රහාරවලින් පුද්ගලයින් 20දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.


තුවාල ලැබු  පුද්ගලයින් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

මැතිවරණය කල් දැමීමට විරෝධය පළ කරමින් ජාතික ජන බලවේගය අද (26) පස්වරුවේ කොළඹ විහාර මහාදේවි උද්‍යානය අසලින් විරෝධතා පාගමනක් ආරම්භ කරනු ලැබිය.  

එම විරෝධතා පාගමනට එරෙහිව කොටුව පොලීසිය සහ මරදාන පොලීසිය විසින් අධිකරණ නියෝග දෙකක් ද ලබාගෙන තිබු අතර එම නියෝගවලට අනුව විරෝධතා පාගමන නතර කරන ලෙස පොලීසිය විසින් විරෝධතාකරුවන්ට දැනුම් දෙනු ලැබීය.

එහෙත් ඔවුන් මාර්ගය අවහිර වන සේ රැඳීසිටිම හේතුවෙන් පොලීසිය ඔවුන්ට එම ස්ථානයෙන් ඉවත් වීමට නියෝග කිරිමත් සමඟ විරෝධතාකරුවන් සහ පොලීසිය අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදුවුණි.

අනතුරුව ඉබ්බන්වල මංසන්ධියේ දී පොලීසිය විසින් විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ ය.



මෙම විරෝධතාවට ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

ජාතික ජන බලවේග පක්ෂයේ විරෝධතා පා ගමන වළක්වමින් පොලිසිය රෝහල් පරිශ්‍රය, පිත්තල හන්දිය, යූනියන් පෙදෙස, කොල්ලුපිටිය ආදී මාර්ග රැසක් ම වසා තිබිණ.

ජාතික ජන බලවේගය ඇතුළු වෘත්තීය සමිති අද පස්වරුවේ විහාර මහාදේවී උද්‍යානයේදී අදාළ විරෝධතාව සංවිධානය කර තිබුණේ විදුලි බිල ඉහළ නැංවීම, බදු ඉහළ නැංවීම, මැතිවරණය නොපැවැත්වීම ඇතුළු කරුණු රැසකට විරෝධය පළ කිරීමක් වශයෙනි.

ජල හා කදුළු ගෑස් ප්‍රහාරයෙන් අනතුරුව විරෝධතා පෙළපාලියේ පැමිණි විරෝධතාකරුවන් කොළඹ ලිප්ටන් වට රවුමට රැස්වී ජනහමුවක් පැවැත්විය.



අධිකරණයෙන් දුන් නියෝගය


ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු 25 දෙනකුට අද පස්වරු 1.00 සිට රාත්‍රී 8.00 දක්වා කොළඹ කොටුවේ ප්‍රදේශ කිහිපයක මහජනතාව සහ රියදුරන් අපහසුතාවට පත් කරමින් විරෝධතා හෝ පෙළපාලිවල නිරතවීම වළක්වාලමින් කොටුව මහේස්ත්‍රාත්වරයා අද පෙරවරුවේ නියෝගයක් නිකුත් කර තිබිණ.

ඒ, කොටුව, කොම්පඤ්ඤ වීදිය සහ කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරුන් කළ ඉල්ලීමකට අනුවයි.

ජාතික ජන බලවේගය අද (26) පස්වරුවේ කොළඹදී පැවැත්වීමට නියමිත විරෝධතාව හේතුවෙන් ඇති විය හැකි මහජන පීඩාව සැළකිල්ලට ගෙන පොලීසිය එම ඉල්ලීම කර තිබුණි.

අනුර කුමාර දිසානායක, ටිල්වින් සිල්වා, විජිත හේරත්, සුනිල් හඳුන්නෙත්ති, කේ. ඩී. ලාල්කාන්ත ඇතුළු දේශපාලනඥයින් සහ වෘත්තීය සමිති නායකයින් 26 දෙනෙකුට එරෙහිව අදාළ තහනම් නියෝගය නිකුත් කර තිබිණ.

එම නියෝගයට අනුව අදාළ මාර්ගවලට ඇතුළුවීම තහනම් වූ අතර, දේපොළ හානි මෙන්ම ජනතාව ප්‍රකෝප කරන ප්‍රචණ්ඩකාරී සිදුවීම් නොකළ යුතු විය.

 

JW

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්