ප්‍රවීණ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි විසින් තම YouTube නාලිකාව මේ වන විට ජනගත කොට තිබේ.



Sudewa Hettiarachchi ලෙස නම් කොට ඇති මෙම YouTube නාලිකාවේ පූර්ව ප්‍රචාරක වීඩියොවේ දැක්වෙන අන්දමට සුදේව සූදානමින් සිටින්නේ මුහුණට මුහුණ සාකච්ඡාවන් සදහායි.

රංගන ද සිල්වා සමඟින් එක්ව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සම්මුඛ සාකච්ඡාවට ලක් කරමින් වසර දෙකකට පසු සුදේව යලි රූප මාධ්‍යයෙන් ප්‍රේක්ෂකයන් වෙත පැමිණියේය.

එම පියවර තව දුරටත් ඉදිරියට තබමින් ඔහුගේ නමින් එලිදක්වා ඇති YouTube නාලිකාව තුලින් ඔහුට සුපුරුදු කාලීන, දේශපාලන, විද්වත් සාකච්ඡා  ඇතුළු විවිධ වැඩසටහන් මෙම YouTube නාලිකාව මගින් ප්‍රේක්ෂකයන් වෙත ඉදිරියේදී දැකගත හැකි වනු ඇත.

ජාතික ගුවන් විදුලියේ ළමා ශිල්පියෙකු ලෙස ඇරඹි මාධ්‍ය දිවියේ, වෘත්තිමය මාධ්‍යවේදියෙකු ලෙස ගෙවුනු 25 වසර පුරා ඔහු ලද අත්දැකීම් එක් කොට මෙම YouTube නාලිකාව සකස් කරන බව ඔහු පැවසීය.




JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්