ආණ්ඩුව ගිරිකුළෙන් වැටෙන සුරාසොඬා සුළං සැපයි කිව්වා වගේ පුරාජේරු කියනවා යයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.


ගිය සතියේ මැතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට පවා මුදල් නැති බව පැවසූ ආණ්ඩුව එක් වරම රුපියල ස්ථාවර වූ බවට නගන ඝෝෂාව විහිළුවක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ කියා සිටියි.

ඔහු එබව කියා සිටියේ පෙරේදා (02)  කළුතර රෝලන්ඩ් උත්සව ශාලාවේ " ඡන්ද නෑලු උන්ට බෑලු " තේමාවෙන් පැවති සම්මන්ත්‍රණයකදීය.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේ පැවසිය.


ආර්ථික බිද වැටීමේ ප්‍රකාශනයක් !


" ගිය අවුරුද්දේ අප්‍රේල් සිට ණය වාරික ගෙවන්නේ නෑ ණය වාර්‍රක නොගෙවනවානම් විදුලි බිල් ජල බිල් දුරකථන බිල් ගෙවන්නේ නැතිනම් අපේ ගෙදර ආර්ථිකය වුණත් ස්ථාවර වෙනවා. ණය වාරික වලින් රුපියලට එන පීඩනය අඩු වුණාම රුපියල ශක්තිමත් වෙනවා තමයි. අනෙක් එක රුපියල ඩොලරයට සාපේක්ෂව තද කරලා අල්ලගෙන ඉදලා එක පාරටම අත ඇරියාම ගොඩක් උඩට යනවා. ආපහු පහල අගයක ස්ථාවර වෙනවා. මේ වෙන්නේ ඒක.

 රුපියල කෘත්‍රිම අගයක තියා ගත්තේ උන්ඩියල් හවාලා වගේ ජාවාරම් වලට ඉඩ හදා ගන්න. ඒ වන්දිය දැන් මුළු රටක්ම ගෙවනවා. ඒ වගේම ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව අඩු වෙලා පරිභෝජන මට්ටම් අඩු වෙද්දී රුපියලේ අගය වැඩි වෙනවා. දැන් ඉන්ධන පරිභෝජනය 40%කින් අඩුවුණා. විදුලිය පරිභෝජනය  8 %කින් අඩු වුණා. එතකොට නිෂ්පාදනයත් පරිභෝජනයත් අඩුවෙලා රුපියල මත පීඩනය අඩු වෙනවා. ඒකෙන් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ටිකක් වැඩි වුණාම ඒක ආර්ථික වර්ධනයක් නෙවෙයි. ආර්ථික බිද වැටීමේ ප්‍රකාශනයක්.


මේක හරියට අර ජාතක කතාවක සුරාසොඬෙක් ගිරි කුලකින් පහලට වැටෙන කොට ඇඟේ වදින සුළං සැපයි කිව්වා වගේ. ආර්ථිකය වැටෙමින් තිබෙනවා. නිෂ්පාදනය වැටෙනවා. රැකියා සහ ජීවනෝපායන් අහිමි වෙනවා. ජනතාවගේ ජීවන මට්ටම් පහලටම වැටෙනවා. ඒ අර්බුදය මැද මේ ගොල්ලෝ රුපියල ස්ථාවර වීමක් ගැන පුරාජේරු කියනවා. ආර්ථිකය ගොඩ ගිහින්නම් මැතිවරණයට කඩදාසි ටික මුද්‍රණය කරන්න. ජනතාව රනිල් රාජපක්ෂ කල්ලියේ ඔය බොරු වලට රැවටෙන්නේ නෑ.''

JW

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්