රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව විසින් ඡන්දය නවත්වා ලාකීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අහෝසි කිරීමට එරෙහිව ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ජීවත්වන ලාංකික ජනතාව සංවිධානය කරන ලද විරෝධතාවයක් ඊයේ දින (05) මෙල්බන් නගර මධ්‍යයේ පිහිටි state library ඉදිරිපිට දී පැවැත්විනි.
 


මෙම විරෝධතාව Australian foundation for save sri lanka සංවිධානය විසින් සංවිධාන කරන ලද අතර, මෙල්බන් නගරයේ ප්‍රජා සංවිධාන, දේශපාලන සංවිධාන ඇතුලු සංවිධාන කිහිපයක්ම මෙම විරෝධතාවයට එක්විය.

මෙහිදී  ආණ්ඩුව විසින් ගෙනයනු ලබන පීඩාකාරි අසාධාරණ බදු ප්‍රතිපත්ති, දිනෙන් දින ඉහල යන ජීවන වියදම, රෝහල්වල ඖෂධ හිගය, විදුලිය ඉන්ධන වැනි යටිතල පහසුකම්වල මිල දරාගත නොහැකි ලෙස ඉහල යාම නිසා සමස්ත ලාංකික ජනතාවම පීඩාවට පත්ව ඇති මොහොතක, ජනතාවගේ ඡන්ද අයිතිය අහෝසි කරමින්, ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට යැවීම එරෙහිව ජනතාව සිය විරෝධය දැක්වූහ.

Save Sri Lanka සංවිධානයේ සභාපති නිමල් ඒකනායක, නීතිඥ නොයිලින් ස්මර්ට්, ඕස්ට්‍රේලියානු කොමියුනිස්ට් පක්ශයේ හා වෘත්තිය සමිති බල මන්ඩලයේ ලේකම් ඇන්ඩෲ අර්වින්, මොනෑශ් විශ්වවිද්‍යාලයේ ආවාර්‍ය රංජිත් වීරසිංහ, save sri lanka සංවිධානයේ මාධ්‍ය ලේකම් මාලන් බංඩාර, තිස්ස මානවඩු සහ දමිල හා මුස්ලිම් සහෝදරත්වය නියෝජනය කරමින් ඉක්බාල් විරෝධතාවට පැමිණ සිටි ශ්‍රී ලාංකිකයින් ආමන්ත්‍රණය කරන ලදී.

 

 
{gallery}Australian foundation for save sri lanka{/gallery}
 
 
මැතිවරණය පවත්වන්නැයි නවසීලන්තයෙත් විරෝධතා
 

පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙසට රජයට බල කරමින් නවසීලන්තයේ පදිංචි ශ්‍රි ලාංකිකයන් පිරිසක් (05) ඕක්ලන්ඩ් නගරයේදි විරෝධතාවයක් පැත්විය.

ජාතික ජන බලවේගයේ නවසිලන්ත ශාඛාව විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබු අතර, එම උද්ඝෝෂණයට සහභාගී වු ශ්‍රි ලාංකිකයන් කියා සිටියේ ශ්‍රි ලංකාව තුල ප්‍රජාතන්ත්‍රවාදය ඇති කර ජනතාවගේ ජන්ද අයිතිය උදුරා නොගෙන පලාත් පාලන මැතිවරණය පැවැත්විමට කටයුතු කරන ලෙසයි.

රටේ ජනතාවගේ ජන්ද බලය නොමැතිව රට පාලනය කරන බවත්, රට තුල ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරිමට රටේ පාලකයින් පියවර ගත යුතු බවත් විරෝධයට සහභාගි වුවන් කියා සිටියේය.
 
 
 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්