පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අද (07) මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැත්වීමට නියමිතව තිබේ.



අද පෙරවරු 10.30ට පමණ එම සාකච්ඡාව පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

අදාළ සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍යංශ ලේකම්වරයා, රජයේ මුද්‍රණාලයාධිපතිනිය සහ පොලිස්පතිවරයා මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.

එමෙන්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් ද වෙනම රැස්වී අද සාකච්ඡා කිරීමට නියමිතය.

පවත්නා තත්ත්වයන් යටතේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම බොහෝදුරට අප්‍රේල් මාසයේදී පැවැත්වීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසිය.  




පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය මැතිවරණ කොමිසම විසින් කඩිනමින් ප්‍රකාශ කළ යුතු බව දේශපාලන පක්ෂ ගණනාවක් කියා සිටියි. ඒ සම්බන්යෙන් ද පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි 'නෙත් නිව්ස්' වෙත මෙලෙස අදහස් පළ කළේය.



මේ අතර පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද මැතිවරණ කොමිෂන් සභාව හමුවීමට නියමිතව තිබේ.

මාර්තු මස 20 වන දිනට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙස විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 09 දෙනෙකුගේ අත්සනින් යුක්තව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් ද යොමුකර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයා සඳහන් කළේය.  

ma


''අපි පාරට බහින එක බහිනවාමයි '' - මරික්කාර්


මේ අතර සජබ නියෝජ්‍ය ජාතික සංවිධායක එස්.එම්. මරික්කාර් පවසන්නේ, මැතිවරණය පැවැත්වීම සදහා ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබා දුන් තීන්දුවෙන් පසු ජනාධිපතිවරයා මැතිවරණය කල් දැමීට තවත් අලුත් නූල් සූත්තර අදිමින් සිටින බවයි.

තවත් කල් ‌නොගෙන අගහරුවාදා දිනයේදීම මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිසම කටයුතු කළ යුතු බව අවධාරණය කර සිටින සජබ නියෝජ්‍ය ජාතික සංවිධායකවරයා, නොඑසේනම් ජනතාව සමග මහපාර බැස යළිත් සටන ආරම්භ කරන බව කියා සිටියි.




 

JW


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්