ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය මුදල සහ සහයෝගය ලබා ගත්තා කියා එක රැයකින් රටේ තිබෙන සියලු ප්‍රශ්න විසඳෙන්නේ නැති බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.



රටක් හදන්න අවුරුදු ගණනාවක් යන නමුත් රටක් විනාශ කිරීමට පැයක් වත් යන්නේ නැතැයි ද ජනාධිපති වික්‍රමසිංහ  ප්‍රමුඛ රජය සාර්ථක ගමනක් ආරම්භ කර තිබෙන අතර සියලු දෙනා දේශපාලන පක්ෂ, පාට, ජාති සහ ආගම් භේද ඉවතලා රට වෙනුවෙන් එකට එකතු විය යුතු බවද සඳහන් කළේය.

හැමදාම මහා පාරට ඇවිත් උද්ඝෝෂණය කරමින් අවස්ථාවාදී, පටු සහ දේශද්‍රෝහී විපක්ෂය කරන්නේ රට තව තවත් අරාජික කිරීම යැයි හිටපු මුදල් ඇමතිවරයා කීය.


 
 

JW


Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates