අද රාත්‍රියේ ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් සදහා සහභාගිවන ලෙස වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති එකමුතුවට

ආරාධනයක් ලැබී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

 එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ 'නෙත් නිවුස්' වෙත කියාසිටියේ ජනාධිපති කාර්යාලයෙන් එම ආරාධනය සිය සංගමය වෙත ලැබුණු බවයි.

එම සාකච්ඡාව සදහා වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයින් පිරිසක් සහභාගිවීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් සදහන් කළා.

 


මේ අතර රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බස්නාහිර, දකුණ, නැගෙනහිර සහ මධ්‍යම යන පළාත් 04 තුළ ආරම්භ කළ වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වේ.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මෙසේ සඳහන් කළේය.


මේ අතර රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් වරාය සේවකයින් ද සෙමින් වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වේ.  අද දහවල් වරාය සේවකයින් විරෝධතාවක ද නිරත වූ අතර එම වෘත්තීය සමිති නියෝජිතයින් එහිදී අදහස් දැක්වූයේ මෙලෙසය.

 

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්