කටුකුරුන්දේ, ගල්ලැස්ස ප්‍රාථමික විද්‍යාලෙට අපි යනකොට අම්මල තිස් දෙනෙක් විතර ගේට්ටුව ළඟ රැස් වෙලා හිටිය.

ඒ හැමෝටම කියන්න වේදනාබර කතාවක් තිබුණ.

අම්මලාගේ ලොකුම ප්‍රශ්නය දරුවන්ගේ කෑම වේල සරිකරගන්න බැරිවීම.

සමහරු කලින් යමක්, කමක් ඇතිව ජීවත්වුණ අය. තවත් සමහරු දුප්පත් වුණත් කාටවත් අත නොපා ජිවිතේ ගැටගහගත්ත අය. ඒ හැමෝම අද අන්ත අසරණ වෙලා; ජීවිකාව අහිමි වෙලා.

සමහර දරුවෝ දැන් පාසල් යන්නේ කොස් ටිකක්, දෙල් ටිකක් විතරක් කාල. දරුවන්ට බිත්තරයක් දෙන්නවත් වත්කමක් මේ අම්මලට දැන් නැහැ. එක අම්ම කෙනෙක් පිටි එකක් හදල දෙන්නේ පොඩි පුතාට විතරයි. දූලා තුන්දෙනාට දෙන්නේ කහට කෝප්පයක්.

දවස් දෙකක් කහට කෝප්පෙකින් බඩගින්න නිවාගත්ත පවුලක් ගැන teacher කෙනෙක් මා එක්ක කිවුව. teacher ඉස්කෝලෙට කෑම එකක් ගෙනත් දුන්නම අවුරුදු දහයක දරුවා ඇහුවලු කෑම එක ගෙදර ගිහින් අම්මට දෙන්නද කියල.

තව අම්ම කෙනෙකුගේ දරුවා ආබාධිතයි. ඒත් දරුවට බෙහෙත් ටික අරන් දෙන්න විදියක් නෑ; සල්ලිත් නෑ සල්ලි තිබුණත් බෙහෙත් ඇත්තෙත් නෑ.

ස්වයං රැකියාවක් කරගන්න හරි උපකාරයක් කරන්න කියල, මේ අම්මල මගෙන් ඉල්ලුව.

එයාල මේ මොහොතේ අසරණයි.

ඒත් හැමදාමත් අතපාල ජීවත්වෙන්න තමන්ගේ බලාපොරොත්තුවක් නැති බවත් එයාල අවධාරණය කරනවා.

ඔවුන් ඉල්ලන්නේ අදට වඩා යහපත් රටක්; කෙනෙකුට අත නොපා ස්ව ශක්තියෙන් ජීවත්වෙන්න පුළුවන් රටක්.  


(සරෝජ් පතිරණ)
BBC හිටපු මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්