leader s

පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකා මහ බැංකු (සංශෝධිත) පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවට තීරණය කරන ලෙස ඉල්ලා විශේෂ පෙත්සම් හතරක් ඊයේ (13)

ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබේ.

 ජෙහාන් හමීඩ්, ලුතිනන් කර්නල් අනිල් අමරසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ඒ. ඩී. බී. අබේසේකර ගුණරත්න මෙහි පෙත්සම්කරුවෝ වෙති.

නීතිපතිවරයා පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නම් කර සිටී.

ශ්‍රී ලංකා මහ බැංකු පනත සංශෝධනය කිරීම සඳහා ''ශ්‍රී ලංකා මහ බැංකු සංශෝධිත පනත් කෙටුම්පත''  ඉදිරිපත් කර ඇති බවත් එය ඉකුත් මාර්තු මස 7වැනිදා පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති බවත් පෙත්සම්වල සඳහන් වේ.

මෙම පනත් කෙටුම්පතේ වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1, 2, 3, 4, යන ව්‍යවස්ථාවලට පටහැණි බවට පෙත්සම් මඟින් කරුණු ඉදිරිපත් කර ඇත.

''ශ්‍රී ලංකා මහ බැංකුව'' ස්වාධීන ආයතනයක් වන අතර ඒවාට මැදිහත්ව නියෝග ලබා දීමේ හැකියාව මුදල් ඇමැතිවරයාට හෝ වෙනත් කිසිවකුටත් නැති බව පෙත්සම්වල සඳහන් වේ

 රටක ප්‍රධාන මූල්‍ය ආයතනය ස්වාධීන ආයතනයක් විය යුතු අතර, මෙම සංශෝධිත පනත් කෙටුම්පතේ ඇතුළත් වගන්ති හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වයට හානි සිදුවන බවත් එසේ සිදු වීමෙන් රට තව තවත් මූල්‍ය අර්බුදයට ලක්විය හැකි බවත් පෙත්සම්වල සඳහන් වේ. එසේ ම රටේ ස්වෛරීභාවයට සහ භෞමික අඛණ්ඩතාවට මේ නිසා හානි සිදු වන බව පෙත්සම් මඟින් පෙන්වා දී ඇත .

 
මහ බැංකු අධිපතිවරයා ස්වාධීන පුද්ගලයකු විය යුතු අතර, ඔහුගේ කටයුතුවලට මැදිහත්වීමට කිසිවකුට හෝ නොහැකි බව ද පෙත්සම්වලින් පෙන්වා දී තිබේ. එහෙත් මෙම පනත් කෙටුම්පතේ ඇතුළත් වගන්ති සහ එම කටයුතුවලට බලපෑම් කිරීමට බාහිර පුද්ගලයන්ට අවකාශ සලසන බව එමඟින් පෙන්වා දී ඇත.

මෙම පනත් කෙටුම්පතේ ඇතුළත් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවට තීන්දු කොට එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සහ ජනමත විචාරණයක දී ජනතාව විසින් සම්මත කළ යුතු බවට තීන්දු කරන ලෙස මෙම පෙත්සම් මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.


සබැඳි පුවත් :
නව මහ බැංකු පනත : ජනතා පරමාධිපත්‍ය බලය උදුරා ගැනීමේ උත්සාහයක් !

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්