2019 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන

වසර 4ක් රඳවාගෙන සිටි සහරාන් හෂීම්ගේ බිරිඳ වන ෆාතිමා හාදියා දැඩි ඇප කොන්දේසි මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

කල්මුණේ මහාධිකරණය හමුවේ එම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇත.

අධිකරණය එහිදී වැඩිදුරටත් නියෝග කර ඇත්තේ සැකකාර කාන්තාව රුපියල් 25000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25ක ශරීර ඇප දෙකක් මත නිදහස් කරන ලෙසටය.

එසේම අධිකරණය විසින් ඇපකරුවන්ට සහ සහරාන් හෂීම්ගේ බිරිඳට ද විදේශගතවීම තහනම් කර ඇත.

2019 වර්ෂයේ අප්‍රේල් මස 25 වෙනිදා හෝ ඊට ආසන්න දිනයකදී සයින්දමරුදු ප්‍රදේශයේ නිවසක සැඟව සිටි සහරාන් හෂීම් ගේ දෙමව්පියන්, සහෝදරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමට යාමේදී ආරක්ෂක අංශ සමග ඇතිවූ ගැටුමකින් පසුව තුවාල ලබා සිටියදී ෆාතිමා හාදියා සහ ඇයගේ දියණිය ආරක්ෂක අංශ විසින් රෝහල් ගත කෙරින.

පසුව ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්