දුරකතන ඇතුළු විදුලි සන්දේශ උපකරණ අලෙවි කරන ස්ථාන 99%ක් විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවෙන් වෙළෙඳ බලපත්‍රය ලබාගෙන නොමැති බව අනාවරණය වේ.



දුරකතන ඇතුළු විදුලි සන්දේශ උපකරණ ආනයනය කිරීමේදී මෙන්ම විකිණීමේදී ද විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවෙන් වෙළෙඳ බලපත්‍රයක් ලබාගත යුතුය.

වෙළෙඳ බලපත්‍රයක් නොමැතිව කවුරුන් හෝ විදුලි සන්දේශ උපකරණ අලෙවි කරන්නේ නම් ඒ පිළිබඳව සොයා බැලීම විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ වගකීම වුවත් එම භාණ්ඩ රටට පැමිණියේ කෙසේදැයි යන කාරණයට වගකීමට කොමිෂන් සභාවට හැකියාවක් නොමැති බව එහි අධ්‍යක්ෂිකා (අනුකූලතා හා විමර්ශන) තරලිකා ලිවේරා පැවසුවාය.

විදුලි සන්දේශ පනත උල්ලංඝනය කරමින් එම උපකරණ අලෙවි කරන්නේ නම් එම ස්ථාන වැටලීම සඳහා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව පොලිසියේ පැමිණිල්ලක් කර, පොලිසිය හරහා වැටලීම කළයුතු බවද ඇය කීවාය.

බලපත්‍ර රහිතව විදුලි සන්දේශ උපකරණ අලෙවි කරන ස්ථාන පිළිබඳ ලැයිස්තුවක් කොමිෂන් සභාව විසින් කරන ලද විමර්ශනයකින් පසු සකස් කර ඇති බවත්, එම ලැයිස්තුවට අදාළව ඒ ඒ පොලිස් ස්ථානයේ පැමිණිලි කිරීමට කටයුතු කරන බවද ඇය සඳහන් කළාය.


(aruna.lk)


JW


 
logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය