ජාතිවාදයට මෙන්ම මුස්ලිම් සමාජය තුල පසුගාමිත්වයට විරුද්ධව දශක එක හමාරක් තිස්සේ කළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිත්වය තව දුරටත් පවත්වාගෙන යා නොහැකි බියජනක තත්වයක් උදාවී ඇතැයි, ජාතීන් අතර සමගිය වර්ධනය අරමුණු කොටගත් පනතක් අනිසි ලෙස යොදා ගනිමින් පස් මසක් සිරකර සිටි ලේඛකයකු කම්පා වෙයි.



" නමුත් මම අත්අඩංගුවට ගන්න කලින් මම ඒ ලියපු දේවල් මට දැන් ඒක ලියන්න බෑ. මට හුගාක් දුරට කල්පනා කරන්න වෙලා තියනවා."

නිදහස් මතධාරි ලේඛකයෙක් මෙන්ම විශ්‍රාමික රජයේ නිලධාරියකු ද වන රම්සි රසීක් මාර්තු 23 වැනිදා ඒ බව සදහන් කළේ "ICCPR භාවිතය හා අවභාවිතය" මැයෙන් රයිට්ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය සිදු කළ අධ්‍යන වාර්තාව එළිදැක්වීමේ අවස්ථාවට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී එක්වෙමිනි.

2020 අප්‍රේල් 9 දා රහස් පොලීසිය විසින් රම්සි රසීක්  අත් අඩංගුවට ගෙන තිබුනේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව පීඩාවට පත් කරන සකලාකාරයේ ජාතිවාදය පිටු දැකීමට “මතවාදී ජිහාඩයක් (අරගලයක්)” කළ යුතු බවට ඔහු විසින් අප්‍රේල් මුලදී පල කරන ලද සටහනක් පදනම් කොටගෙනය.

එම සටහනින් දෙදිනකට පසු ඔහු නැවත පල කළ සටහනකින් කියැවුනේ ගිනිය නොහැකි තරමේ මරණ තර්ජන ලැබුණු අතර කලින් ලියවුනු ප්‍රකාශය වැරදි ලෙස අර්ථ නිරූපනය කළ බොහෝ දෙනා ජාතිවාදී අදහස් වපුරන බවට චෝදනා නගමින් ඔහු බන්ධනාගාර ගත කරන ලෙස උද්ඝෝෂණය කළ බවයි.

 

සමාජ මාධ්‍ය තුළ මෙන්ම පුවත්පත් හා ජනමාධ්‍ය තුළත් සිංහල, දමිළ හා ඉංග්‍රීසි තෙබසින්ම සිය අදහස් දක්වමින් සමාජ ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කළ රම්සි රසික් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනත (ICCPR) යොදා ගනිමින්  දින 161 ක් සිරගත කොට තැබීමෙන් පසු 2020 සැප්තැම්බර් 17 බ්‍රහස්පතින්දා ඔහුට ලබා දුන් කොළඹ මහාධිකරණයේ නිරීක්ෂණය වී තිබුනේ රටක නීති සකස් කර තිබෙන්නේ පුද්ගලයන්ගේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආරක්ෂා කිරීම සදහා බවයි.

 

ෆේස්බුක් සටහනක් පාදක කොට ගෙන 2020  අප්‍රේල් 9 දා කටුගස්තොට, පොල්ගස්දෙනියේ සිය නිවසේදී අත් අඩංගුවට ගන්නා ලද රම්සි රසීක්ට ඇප ලබාදීම නිර්දේශ කළ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ පුද්ගල නිදහස ඇහිරෙන ලෙස නීතියේ ප්‍රතිපාදන යොදා ගැනීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාගේ ද අවධානය යොමු කර තිබුනි.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනත තමන්ට ක්‍රියාත්මක කළ ආකාරයට ඉදිරියටත් ක්‍රියාත්මක කළහොත් එය මානව අයිතිවාසිකම් වලට දැඩි බලපෑමක් එල්ල කරන බව රම්සි රසීක් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී වැඩි දුරටත් පෙන්වා දී තිබුනි.

ඔනෑම අයෙකුට ආගමක් ඇදහීමේ අයිතිය පවතින බව පෙන්වා දෙන ඔහු විශ්වාස කරන්නේ ඒ ආගම විවේචනය කිරීමටත් තවත් අයෙකුට අයිතිය පැවතිය යුතු බවයි.

" යමෙක් ආගමක් ඇදහීම නිසාම ඒ ආගම විවේචනය කරන්න තව කෙනෙකුට තියන අයිතිය නැතිවෙන්නේ නෑ.ඔන කෙනෙකුට ඒ අයිතිය තියනවා."

මානව හිමිකම් වල පුර්ණ නිදහසත්, භාෂණයේ පුර්ණ නිදහසත් වෙනුවෙන් එක් වන ලෙස නිදහස් මතධාරි ලේඛක රම්සි රසීක් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ද සහභාගී වී සිටි සභාව අමතමින් ඉල්ලා තිබුනි.


 

JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්