ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය ප්‍රකාශන අනුව, 2021 වර්ෂයේදී රුපියල් කෝටි 1,856ක දළ අලාභයක් සිදුව ඇති බව ජාතික විගණන කාර්යාලය සඳහන් කරයි.



එය මීට පෙර වර්ෂයේදී එනම් 2020දී වාර්තා කළ දළ ලාභය වූ රුපියල් කෝටි 5,525ට සාපේක්ෂව රුපියල් කෝටි 7,381ක අඩුවීමක් බව ද එහි දක්වා තිබේ.

එසේ ම, ණයකරුවන් වූ ව්‍යාපාරිකයන්ගේ වටිනාකම 2021 වර්ෂයේදී පෙර වර්ෂයට සාපේක්ෂව සියයට 14.16කින් ඉහළ ගොස් ඇති බව ද එම විගණන වාර්තාවේ සඳහන් කර ඇත.

ඒ අනුව, 2021 වර්ෂයේ රාජ්‍ය අංශයේ ණයකරුවන් රුපියල් කෝටි 14,695ක් ද පෞද්ගලික අංශයේ ණයකරුවන් රුපියල් කෝටි 1,412කින් ද සමන්විත බව එහි දක්වා තිබේ.

ශ්‍රී ලංකා ගුවන් සමාගම වෙතින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි 6,211ක මුදලක් අයවිය යුතු බවත්, ලංකා විදුලි බල මණ්ඩලය වෙතින් රුපියල් කෝටි 8,303ක් අය කර ගෙන නොමැති බව ත් එම වාර්තාවේ සඳහන් කර ඇත.

පසුගිය වසරවල සිදු වූ අධික අලාභ, විනිමය අනුපාතික වෙනස්කම්වල අඛණ්ඩ බලපෑම, නුසුදුසු මිලකරණ ප්‍රතිපන්තිය සහ පසුගිය වසරවලදී සිදු වූ හෙජින් ගනුදෙනු හේතුවෙන් සංස්ථාව අධික පාඩුවක් ලබා ඇති බව ද එහි දක්වා ඇත.

මෙලෙස අධික පාඩු ලැබීම හේතුවෙන් සංස්ථාවේ ශුද්ධ වත්කම් තවදුරටත් සෘණ අගයක් ගෙන ඇති බවත් රජයේ මූල්‍ය සහය නොමැතිව සංස්ථාව අඛණ්ඩව පවත්වා ගැනීමට ඇති හැකියාව මතභේදයට තුඩු දී ඇති බව ත් එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

(mawbima.lk)


JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්