ඉන්දියාවේ, උත්තර ප්‍රදේශ් වාරනාසි ප්‍රදේශයේ, හෝටලයක් තුළ දී ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක් වන

ආකන්සා දුබේ ගෙල වැලලාගෙන මියගොස් සිටිය දී සොයාගෙන තිබේ.

මියයන විට ඇය 25 හැවිරිදි වියේ පසුවූ අතර, ඇය බෝජ්පූරි සිනමා කේෂ්ත්‍රයේ සුප්‍රසිද්ධ රංගන ශිල්පනියකි.

17 හැවිරිදි වියේ සිට රංගන කේෂ්ත්‍රයට දායක වී ඇති ආකන්සාගේ මරණය සියදිවි නසා ගැනීමක් ද නැතහොත් ඝාතනයක් ද යන්න පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැත.

ඇය අවසන් වරට ඊයේ (25) රාත්‍රියේ ද සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් යොමු කර තිබුණි.

මේ අතර පසුගිය ආදරවන්තයින්ගේ දිනයේ දී ඉන්දීය රංගන ශිල්පියෙක් හා ගායන ශිල්පියෙක් වන සමර් සිං සිය පෙම්වතා බවට ආකන්සා විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණි.

(adaderana.lk)

 

JW

logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය