වීරවිල හා රිදියගම රජයේ ගොවිපොළ දෙක පෞද්ගලික අංශයට විකිණිමට අවශය සැලසුම් සකස් කර ඇති බැවින් ඒ සඳහා සුදුසු ආයෝජකයන් දැනට ඉදිරිපත් වි සිටින බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර කීය.

පාඩු පිට පාඩු ලබමින් මෙම රජයේ ගොවිපලවල් දෙක ක්‍රියාත්මක වන හෙයින් තවදුරටත් රජයට මෙම බර දරා ගැනීමට නොහැකි හෙයින් පෞද්ගලික ආයෝජකයන්ට ගොවිපොළ දෙක ලබාදීමෙන් ගොවිපොළ දෙකෙන් උපරිම නිෂ්පාදන ධාරිතාවයක් ලබා ගැනීමට හැකිවන හෙයින් පෞද්ගලික අංශයට ලබාදීමට කටයුතු කරන බව ඇමතිවරයා පැවසිය.

වීරවිල රජයේ ගොවිල දැනටම වසරකට රුපියල් ලක්ෂ 400 ක පමණ පාඩුවක් ලබන බවත් රිදියගම ගොවිපලද කිරිලීටර් 5000 ක් තරම් ප්‍රමානයක් නිෂ්පාදනය වන බවද ඇමති අමරවීර සඳහන් කළේය.

මෙම ගොවිපල දෙකේම සිටින සේවකයන් සමඟ එම ආයෝජකයන් ගොවිපොළ දෙක මිලදී ගැනීමට හැකිවන සේ අවශ්‍ය සාකච්ඡා කරගෙන යන බවද කෘෂිකර්ම ඇමැතිවරයා කීය.


(lankadeepa.lk)

JW

logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය