ශ්‍රී ලංකාවට ඛනිජ තෙල් ආනයනය කිරීම සහ බෙදා හැරීම ඇතුළු මෙහෙයුම් කටයුතු

පවත්වාගෙන යාම සඳහා විදෙස් සමාගම් තුනකට අනුමැතිය දුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

මෙම සමාගම් 3 සඳහා දැනට ඛනිජ තෙල් සංස්ථාව විසින් පවත්වාගෙන යනු ලබන අලෙවි නියෝජිතයින් විසින් මෙහෙයවන ඉන්ධන පිරවුම්හල් 450 සහ එම සමාගම් තුන තෝරාගත් නව ස්ථානවල නව ඉන්ධන පිරවුම්හල 50 ක් ද ස්ථාපිත කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා කීය.

ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීමට, ගබඩා කිරීමට, බෙදා හැරීමට සහ අලෙවි කිරීමට වසර 20ක් ක්‍රියාත්මක වීමට බලපත්‍රයක් දී ඇති බවද අමාත්‍යවරයා පැවසිය.

චීනයේ සිනොපෙක්,  යුනයිටඩ් පෙට්රෝලියම් ඕස්ට්‍රේලියාවේ සහ RM පාර්ක්ස් නමැති ඇමෙරිකානු සමාගමට මෙරට සිල්ලර ඉන්ධන වෙළඳපොළට පිවිසීමට එලෙස අනුමැතිය හිමිව ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වේ.

xfbxg
දැනට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අලෙවි නියෝජිතයින් හරහා මෙහෙයවනු ලබන පිරවුම්හල් 150 බැගින් එම නව සමාගම්වලට වෙන් කෙරෙන අතර ඊට අමතරව සෑම සමාගමක් විසින්ම නව ඉන්ධන පිරවුම්හල් 50ක් ස්ථාපිත කරනු ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට එරෙහිව ඛනිජ තෙල් සේවකයින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කොළොන්නාව නිමාව ඉදිරිපිටදී අද උපවාසයක් ආරම්භ කර තිබිණ.  


 

JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්