ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් වහාම ඉල්ලා අස්වන්නැයි ක්‍රීඩා අමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක

සුදත් චන්ද්‍රසේකර විසින් අර්ජුන රණතුංග වෙත ලිඛිත දැනුම්දීමක් කර ඇත.

අද දින (29) ප.ව. 2.00 ට ජාතික ක්‍රීඩා සභාව රැස්වීමට නියමිතව තිබුනද ඒ සඳහා ජාතික ක්‍රීඩා සභාවේ කිසිදු සාමාජිකයෙක් Zoom තාක්ෂණය ඔස්සේ හෝ සහභාගි වී නොතිබිණ.

ඒ ගැන විමතියට පත්නොවන ලෙසත්, ''අප සියලු දෙනාම ඔබව තවදුරටත් ජාතික ක්‍රීඩා සභාවේ සභාපති වශයෙන් පිළිනොගන්නා බවත් '' සුදත් චන්ද්‍රසේකර විසින් අර්ජුන වෙත යොමුකර ඇති ලිපියේ සඳහන් වේ.

එම ලිපියේ මෙසේද සඳහන් වේ.

''ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරය සඳහා ඔබව පත්කර ගැනීමට මා ඔබට පුද්ගලිකව ආරාධනා කළ අතර, ඉන් අනතුරුව ගරු ඇමැතිතුමාට ඒ සඳහා බලපෑම් කළෙමි.

එවකට ජනාධිපතිව සිටි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ඔබගේ පත්වීම අනුමත නොකළ අතර, රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති ධූරයට පත්වූ පසු මා එතුමා හා සාකච්ඡා කර ඔබගේ පත්වීම සඳහා අනුමැතිය ලබා ගතිමි. එනමුත් ඔබගේ යම් යම් ක්‍රියා කලාපයන් නිසා තවදුරටත් ඔබට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති වශයෙන් මෙම කමිටුවේ ක්‍රියා කිරීමට සදාචාරාත්මක අයිතියක් ඇතැයි මා නොසිතමි. මා එම කරුණ මෙහි සඳහන් නොකළ ද, ඔබගේ හෘද සාක්ෂිය එයට සාක්ෂි දරනු ඇත.



මා මේ පිළිබඳව අමාත්‍යතුමා හට ලිඛිතව දැනුම් දී, එතුමාගේ උපදේශක තනතුරින් ඉල්ලා අස්වීමට පසුගියදා ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියේ ඔබ මෙම තනතුරෙහි රැඳී සිටී නම් මා හට තවදුරටත් එතුමාගේ උපදේශක වශයෙන් කටයුතු කිරීමට හැකියාවක් නොමැති බවයි. එසේම මා ඉල්ලා සිටියේ අප දෙදෙනාගෙන් එක් අයකු තෝරා ගන්නා ලෙසයි.


එහෙත්, එතුමා විසින් මගේ ඉල්ලා අස් වීම ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර, මා හට තවදුරටත් එතුමාගේ උපදේශක වශයෙන් කටයුතු කිරීමට ආරාධනා කළේය.

ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයට ඔබව  පත් කිරීමට මූලිකව කටයුතු කළ මා අද දින ඔබගෙන් ඉල්ලා සිටින්නේ මෙම තත්වය සලකා බලා ගෞරවනීය ලෙස ජාතික ක්‍රීඩා සභාවේ සභාපති තනතුරෙන් ඉල්ලා අස් වන ලෙසයි.''

khzdvds


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්