හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනසහ ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය කළ බවට වූ චෝදනා මත පසුගිය 2018 වසරේදී


වැඩ තහනමට ලක්වූ එවකට ත්‍රස්ත මර්දන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති (DIG) නාලක ද සිල්වා යළි සේවයේ පිහිටුවා තිබේ.

ඒ අනුව නැවත සේවයේ පිහිටුවීමට අදාල නියෝගය පොලිස්පතිවරයා විසින් මාර්තු 28 දා නිකුත්කර ඇත.  


RTM 2023.03.30


මෙහි විශේෂ කාරණය වන්නේ ඔහුව නැවත සේවයේ පිහිටුවීමට අදාල ලිපියට පෙර ඔහුව පුත්තලම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරුකිරීමේ ලිපියක් ලැබී තිබීමයි.


CD 2023.03.30
ජනාධිපතිවරයා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණයක් සිදු කළ බවට නාමල් කුමාර නැමැත්කු විසින් කරන ලද පැමිණිල්ලක් පසුබිම් කරගෙන නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට අදාළව විනය පියවර ගැනුණු අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද කටයුතු කෙරිණි.

කෙසේ වුවද ඔහු සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා තහවුරු කර ගැනීමට විමර්ෂණවලදී අපොහොසත් විය.

JW

logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates