IMF ගිවිසුම ක්‍රියාත්මක කිරීමේදී බරපතල අර්බූදයක් නිර්මාණයවීමට නියමිත අතර එහිදී ආන්ඩුව පාර්ලිමේන්තුවට අලුතින් නීති ගෙනැවිත් සම්මත කරගනිමින් මහජන මුදල් කොල්ල කෑමේ සුදානමක් පවතින බව

'නිදහස්ව ජනතා සභාව' පවසයි.

'නිදහස්ව ජනතා සභාව' ප්‍රධානියකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා එබව කියා සිටියේ, නිදහස් ප්‍රධාන කාර්යාලයේ ඊයේ (6) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් නාලක ගොඩහේවා මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළේය.

'' IMF ගිවිසුම ක්‍රියාත්මක කරන්න පාර්ලිමේන්තුවට නීති ගේනවා කියලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා ලඟදී කියලා තිබුනා. මේක හරියට "IMF ගිවිසුම ක්‍රියාත්මක කරනා බවට අපි ලේ වලින් අත්සන් කරලා පොරොන්දු වෙනවා" වගේ කියමනක්නේ. මේ ගිවිසුමේ ක්‍රියාත්මක කරන්න අමාරු එහෙමත් නැත්නම් ජනතා විරෝධය එල්ල විය හැකි මොනවා හෝ තිබෙනවාද කියන සැකය ඒ ප්‍රකාශයෙන් කියවෙනවා.

මේ ගැන යම් ඉඟියක් 2023 මාර්තු මාසේ මහ බැංකුව හා මුදල් අමාත්‍යාංශය ඒකබද්ධව ආයෝජකයන් වෙනුවෙන් කරනා ලද සම්මන්ත්‍රණයක් ලිපි ලේඛණ අධ්‍යයනය කරාම ලැබෙනවා. මේ ඉදිරිපත් කිරීම කරලා තිබුනේ මහබංකු අධිපතිතුමා හා මහා භාන්ඩාගාරයේ ලේකම්තුමා විසින්. IMF සමඟ ණය සම්බන්ධයෙන් එකඟ වී ඇති කරුණු මේ ලිපි ලේඛණ වල සවිස්තරාත්මකව තියෙනවා.

 ඒවාට අනුව 2023-2027 අතර වසර 5 ක කාලය තුල ලංකාව ඇමෙරිකානු ඩොලර් බිලියන 29.5 ක් ණය ගෙවිය යුතුයි. මේ ණය වලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 5.7 ක බහුපාර්ශවික ණය හා ඇමෙරිකානු ඩොලර් බිලියන 1.9 ක අළුතින් ලබා ගන්නා ණය හැරුණ විට ඉතුරු ණය වන ඇමෙරිකානු ඩොලර් බිලියන 21.9 න්ම යම් කොටසක් කපා හරිනා ලෙස ණය හිමියන්ගෙන් ඉල්ලා සිටීමට නියමිතයි. IMF යෝජනාවල තියන විදියට මෙය ඒ ණය හිමියන්ට ගෙවන්න තියෙන ණය වලින් 30% ක් පමන අඩු කරවා ගන්නට උත්සාහ කල යුතුයි.


බලලා මල්ලෙන් එලියට පනින්නේ මිලඟටයි...


 
මහබංකු අධිපතිතුමා හා මහා භාන්ඩාගාරයේ ලේකම් තුමා විසින් කල ඉදිරිපත් කිරීම අනුව විදේශ ණය වලට අමතරව දේශීය ණය ට්‍රිලියන 13.1 කුත් ප්‍රතිව්‍යුහගත කල යුතුයි. ඒ කියන්නේ ඇමෙරිකානු ඩොලර් බිලියන 36 ක් පමන මුදලක්. සාමාන්‍යයෙන් රටේ පසුගිය වසරවල රාජ්‍ය ආදායම වගේ 10 ගුණයකට ආසන්න විශාල මුදලක් මේ දේශීය ණය.  රජය මෙතෙක් රටට හෙලිදරව් නොකල භයානක ප්‍රවෘත්තිය මෙයයි.

 
කවුද මේ ණය වල හිමිකරුවෝ. රටේ බැංකු පද්දතිය, සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල, රජයට ණය දෙන විවිධ ආයතන, කොටින්ම මේ රට මහජනතාව. මොකද මහජනතාව ගේ තැන්පත් මුදල් තමයි මේ ආයතන රජයට ණයට දීලා තිබෙන්නේ,

ඔවුන් රජයට විවිධ ක්‍රමවලින් ලබා දී ඇති වලින් 30% පමන කපා හරින්න සිදුවුනොත් IMF ගිවිසුම ක්‍රියාත්මක කරන්න මොනතරම් බරපතල අර්බූදයක් නිර්මාණය වෙනවාද. මේ සම්බන්ධයෙන් විරුද්ධ වෙන්න බැරි කරන්නට තමයි ආන්ඩුව දැන් අළුතින් පාර්ලිමේන්තුවට නීති ගෙනැවිත් සම්මත කරගන්නට හඳන්නේ. ජනතාවට හෙන ගැහුණත් ලොක්කට ඕනේ විදියට අත උස්සන පාර්ලිමේන්තු මංත්‍රීවරු පිරිසක් ආන්ඩු පක්ෂයේ ඉන්නා නිසා මේ නීති සම්මත කරගන්න ජනාධිපතිවරයා බලාපොරොත්තු වෙනවා ඇති.

අපේ වගකීම ඔබව දැනුවත් කොට මේවාට විරුද්ධ වීමයි. ඒ වගකීම අපි ඉටු කරනවා.''

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්