ඊයේ මෙල්බර්න් සිට කොළඹ දක්වා ක්‍රියාත්මකවීමට නියමිතව තිබු UL605 දරන ගුවන් වාරය

ක්‍රියාත්මක කරනු ලබන A330-300 වර්ගයට අයත් (4R-ALM) ගුවන්යානයේ ඇතිවු දෝෂයක් හේතුවෙන් ගුවන් මගීන් මෙල්බර්න් ගුවන්තොටුපළේ දැඩි අසීරුතාවයකට පත්ව ඇති බව වාර්තා වේ.

පැය 24කට ආසන්න කාලයක් මගීන් ගුවන් තොටුපලේ රඳවා තබාගැනීමට ශ්‍රී ලංකන් බලධාරීන් කටයුතු කර ඇති බවත් කිසිඳු වගකිව යුතු නිලධාරීයෙකු පැමිණ ඇතිව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සොයාබැලීමක් සිදුනොකළ බවටත් මගීන් චෝදනා කරති.


ශ්‍රීලන්කන් ගුවන් යානා 5ක් බිම !

ශ්‍රී ලංකන් ගුවන් සේවය සතු නවීනතම ගුවන් යානා 5ක් මාස ගණනක් පුරාවට භාවිත නොකර පර්යන්තවල නවතා දමා තිබේ.

සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රධානම පාර්ශ්වකරුවෙකු වන ජාතික ගුවන්සේවයේ යානාවලට මෙවැනි ඉරණමක් අත්ව ඇත්තේ ඇයි?

මේ ඒ පිළිබඳව "අද දෙරණ" කළ සොයාබැලීමක දී පහත තොරතුරු අනාවරණය වී ඇත.

# ශ්‍රී ලංකන් ගුවන්සේවය සතුව එයාර් බස් ගුවන් යානා 24 ක් ඇති අතර ඉන් යානා 12ක් දිගු දුර ගුවන් සඳහා යොදා ගනු ලබන A330-200 සහ A330-300  කාණ්ඩයේ ගුවන්යානා වන අතර අනෙක් ගුවන් යානා 12 කෙටිදුර ගුවන් ගමන් සඳහා යොදා ගනු ලබන A320, A321, A320NEO, A321NEO කාණ්ඩයට අයත් වේ.

# නමුත් මේ වන විට ශ්‍රී ලංකන් ගුවන් සේවය සතු ගුවන් යානා ඇණියෙන් ගුවන් යානා 5ක් එන්ජින් සහ අමතර උපංග හිඟ වීම හේතුවෙන් මාස ගණනක් පුරාවට ගුවන් තොටුපළේ නවතා දමා තිබේ.

# මෙවැනි භාවිතයට නොගන්න යානා බොහෝමයක් 2017 වසරෙන් පසුව ගුවන්සේවය සමග එක්වූ නවීනතම A320 NEO සහ A321 NEO කාණ්ඩයේ ගුවන් යානා විය.

# ඒ අනුව, මගීන් 150 දෙනෙකු රැගෙන යා හැකි A320 NEO වර්ගයේ ගුවන්යානා 2ක් පමණක් ඇති අතර එම ගුවන් යානා වන 4R-ANA සහ 4R-ANB ගුවන් යානා දෙකම අද ගුවන් තොටුපළේ ගාල් කර තිබු අයුරු දක්නට ලැබුණි.

# එමෙන්ම ගුවන් සේවය සතුව A321 NEO කාණ්ඩයේ ගුවන් යානා 4ක් ඇති අතර අද වන විට ඉන් ගුවන් යානා 3ක් අමතර කොටස් හිඟය නිසා ගුවන් තොටුපළේ ගාල් කර තිබේ.

# එම ගුවන් යානා වන්නේ 4R-AND, 4R-ANE සහ 4R-ANF ගුවන්යානා වන අතර මගින් 188ක් එම ගුවන් යානාවලින් රැගෙන යා හැකිය.

# එමෙන්ම ශ්‍රී ලංකන් ගුවන්සේවය සතු ගුවන්යානා මෙලෙස අමතර කොටස් නොමැතිව ගුවන් තොටුපළේ නවතා දමා ඇති නිසා ගුවන්සේවයට සිදුවන පාඩුව ඉතා විශාල බව වාර්තාවේ.


(උපුටා ගැනීම් -adaderana.lk)

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්