උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ තීරණයක් ගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද (25) පස්වරුවේ පැවැත්වෙන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසයි.



එහි මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ සඳහන් කළේ, සිය ගැටලුව සම්බන්ධයෙන් කඩිනම් විසඳුමක් ලබාදීමට ආණ්ඩුව මැදිහත් විය යුතු බවය.

මේ අතර විශ්වවිද්‍යාල අචාර්යවරුන් නොමැතිව ඇතැම් විෂයන්වල උත්තර පත්‍ර පරීක්ෂා කිරීමට ආණ්ඩුව කටයුතු කිරීම ගැටලු සහගත බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ඊයේ (24) පස්වරුවේ පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී විශේෂ අවධානයක් යොමුකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර ප්‍රකාශ කළේය.


සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විරෝධයක් !


උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම දිනෙන් දින කල්යාම සම්බන්ධයෙන් ආණ්ඩුවට මෙන්ම වෘත්තීය සමිති නායකයින් වෙත සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචනයක් එල්ලවෙමින් තිබේ. මෙහි පහත දැක්වෙන්නේ Jeewendra Dharmasiri සිය ෆේස්බුක් පිටුවේ තැබූ සටහනකි.

''කණගාටුවෙන් කියමි මගේ දරුවා 2022 උසස් පෙල විභාගයට ලියුවා මේ දරුවන් උසස් පෙල පන්තියට ඇතුලුවන දා පටන් ඔවුන්ට හරියට ඉගෙන ගන්න බැරි වුණා.

2019 පාස්කු ප්‍රහාරය
2020 කොරොනා වසංගතය
2021 අරගලය
2022 විදුලිය කැපිම මේ දුෂ්කරතා මැද තමා ඔවුන් ඉගෙන ගත්තේ

ඒ අතරේ Online ක්‍රමය ආර්ථික ගැටළු ජීවන වියදම ඉහල යාම ආදිය මේ දරුවන්ට බලපැව.

ඒ ඔක්කොම මැද විභාගයට ලියුවා හැබැයි ඒ ලියනවිටත් ආණ්ඩුව විදුලිය සමග ළමයි පෙලුව.

දැන් උත්තර පත්තර බැලිමට ඇති ගැටළුව  ආචාර්යවරුන්ටත් ගුරුවරුන්ටත් පමණක් නොව සමස්ත ජනතාවම මේ ආර්ථික අපහසුතාව අඩුවැඩි වශයෙන් තියනව. ඒ ගැටළුවලට විසදුම් දෙනවට වඩා ජාතිවාදය ඇතුළු කර අලුත් ගැටළුවක් නිර්මාණය කරන්න හදනව වගේ.

 නමුත් මගේ ඉල්ලීම මේ ගැටළුව තව ඉදිරියට ගෙන යන්නෙ නැතුව අදාළ උදවිය යම් එකගතාවයකට ඇවිල්ල විසදන ලෙස.

මොකද මේ දරුවන් ගේ යෞවනය අධ්‍යාපනයටම වෙන්කර ඔවුන්ගේ තරුණ ජවයෙන් රටට වැඩක් ගැනිමට නොහැකි වෙනවා පමණක් නොව තවත් විසදුම් නැති මහා ගැටළු ඇතිවිය හැකිය.''

 

JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්