ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ රතු මැයි රැලියට අති විශාල ජනතාවක් එක්ව සිටියේය.
අද (01) පසුවරු 2.30ට බී.ආර්.සී පිටියෙන් ඇරඹි පෙළපාලිය පස්වරු 4.30 පමණ වනවිට විහාරමහාදේවී උද්‍යානය අසළට පැමිණි අතර ඉන් අනතුරුව මැයි දින රැලිය ආරම්‍භ විය.
ජවිපෙ රතු මැයි රැලිය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් මෙන්ම ජාතික ජන බලවේගයේ නායකයින්ද සහභාගී වී සිටියහ.
පෙළපාලිය මුලින්ම ගමන් කරනු ලැබුවේ කොමියුනිස්ට් නායකයින් වූ මාක්ස්, එංගල්ස්, ලෙනින් හා ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර ගේ විශාල ප්‍රමාණයේ ඡායාරූප රැගත් රථ පෙළකි.
ඉන්පසු ජනතා විමුක්ති පෙරමුණ බැනරය යටතේ එම පක්ෂ නායකයෝ ගමන් කළහ.
අන්තර් සමාගම් සේවක සංගමය ඇතුලු රාජ්‍ය හා පෞද්ගලික ආයතන නියෝජනය කරමින් ඒවායේ වෘත්තීය සමිති නියෝජිතයෝද ගමන් කරනු දක්නට ලැබිණ. අනතුරුව සමාජවාදී ශිෂ්‍ය සංගමය, කාන්තා සංගමය, කලා සංගමය, තරුණ සංගමය හා රටපුරා සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කරමින් ජවිපෙ සාමාජික සාමාජිකාවෝ විශාල පිරිසක් පෙළපාලියට එක්ව සිටියහ.
එෆ් ආර් සේනානායක මාවතේ සිට එක පැත්තකින් නෙළුම් පොකුණ දක්වාත් අනෙක් පැත්තෙන් රෝහල් වටරවුම දක්වාත් මැයි දිනයට පැමිණි ජනතාවගෙන් පිරි ඉතිරි තිබෙනු දක්නට ලැබිණ.
.
https://theleader.lk/news/16836-2023-05-01-18-11-27#sigProIde12bc03bb2