leader s

ණය පැහැර හැරීමෙන් පසු ශ්‍රී ලංකාවට ලැබෙන පළමු ප්‍රධාන ආයෝජනය ලෙස චීන රජයට අයත් China Merchants Port සමාගම ඩොලර් බිලියන දෙකක ආයෝජනයකින් South Asia Commercial and Logistics

Hub නමින් ලොජිස්ටික් මධ්‍යස්ථානයක් (logistics hub) කොළඹ වරාය ආශ්‍රිතව ඉදිකිරීමට නියමිතය.

ඉදිකර, මෙහෙවීම සිදු කර, භාරදීමේ BOT ක්‍රමය යටතේ 50 අවුරුදු කාලසීමාවකට මෙම ලොජිස්ටික් මධ්‍යස්ථානය චීනයට හිමිවනු ඇත. චයිනා මර්චන්ට්ස් පෝට් සමාගම විසින් ඒ වෙනුවෙන් ඩොලර් මිලියන 58.8ක ඍජු ආයෝජනයකින් South Asia Commercial and Logistics Hub Limited නමින් සමාගමක් ශ්‍රී ලංකාවේ පිහිටුවනු ඇත.

චයිනා මර්චන්ට් පෝට් සමාගමට හිමි Fortune Centre Group Limited (FCGL) මෙහි ප්‍රධාන කොටස්කරු වන අතර අධ්‍යක්ෂ මණ්ඩල සභාපති ධුරය එම සමාගමට හිමිය. හවුල්කාර ශ්‍රී ලංකා වරාය අධිකාරියට හා ඇක්සස් ලංකා සමාගමට ද අධ්‍යක්ෂවරුන් පත් කළ හැකිය.

කොළඹ වරායේ කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේ (CICT) 85%ක අයිතියද චයිනා මර්චන්ට්ස් සමාගම සතුය. ශ්‍රී ලංකා වරාය අධිකාරියට CICT 15%ක කොටස් ඇත.

ව්‍යාපෘති සමාගම විසින් ගෙවිය යුතු ගාස්තුවට වඩා අඩු මුදලකට කොළඹ වරාය ආශ්‍රිතව ප්‍රවාහන සේවා හෝ ගබඩා සේවා සිදු කිරීමට කිසිදු තෙවන පාර්ශවයකට අයිතිය ලබා දීමට BOT ගිවිසුම යටතේ ශ්‍රී ලංකා වරාය අධිකාරියට අවසර නැත.

2022 සඳහා චයිනා මර්චන්ට් සමූහයේ වාර්ෂික ලේඛනගත කිරීම්වලට අනුව, CICT විසින් බහාලුම් මිලියන 3.2 ක් හසුරුවා ඇත. ශ්‍රී ලංකා වරාය අධිකාරියට ගෙවිය යුතු ලාභාංශය යුවාන් මිලියන 10.44 (රුපියල් මිලියන 465) වේ.

හම්බන්තොට වරාය ඉදිකිරීමට චීනයෙන් ලබාගත් විශාල ණය මුදල ගෙවා ගැනීමට නොහැකි වූ ශ්‍රී ලංකාව එය ඩොලර් බිලියන 1.12 කට 99 අවුරුදු බදු පදනමින් චයිනා මර්චන්ට් ගෘප් සමාගමට 2017දී ලබා දුන්නේය.

ශ්‍රී ලංකාව සිය වරායන් කිසිදු හමුදාමය කටයුත්තක් සඳහා භාවිත නොකරන බව අවධාරණය කරයි.


AJITH PARAKUM

 

 

 


(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්