සමගි ජනබලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී වඩිවේල් සුරේෂ් තවදුරටත් සමගි ජනබලවේගයේ ඉන්නවාද? නැද්ද? යන කාරණය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග

සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් 'ලංකාදීපය'ට පවසා ඇත්තේ, විශේෂ සාකච්ඡාවක් සඳහා ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් මෙන්ම සජිත් ප්‍රේමදාස ගේ පාර්ශවයෙන් අද ⁣ආරාධනා ලැබී තිබෙන බවත් එම සාකච්ඡා වලින් පසු තීරණයක් ගන්නා බවත් ය.

ජනාධිපතිවරයා සමග කරන සාකච්ඡාවේදී වතු ජනතාවගේ පඩි වැඩිවීම සම්බන්ධයෙන් ද සාකච්ඡා පවත්වන බව වඩිවේල් සුරේෂ් කියා සිටියි.

නුවරඑළියේ මැයි දින රැළියකට සහභාගී වෙමින් වඩිවෙල් සුරේෂ් පෙරේදා (1)පැවසූයේ "මගේ නායකයා යැයි කියන සජිත් ප්‍රේමදාස වතුකරයේ ජනතාව සිල්ලරට ගණන් ගත යුතු නැති බවත් සජිත් මීට පෙර දිනෙක පැවති මඩොල්සිම ජන රැලියට නොපැමිණි බවත් ය. ඒ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මඩොල්සිම ට පැමිණ වතුකරයේ ජනතාවගෙන් සමාව ඉල්ලුවේ නැතොත් ඔහු සමග කිසිම ගමනකට තමා නැතැයි වඩිවෙල් සුරේෂ් එහිදී සඳහන් කළේය.

එම මැයි දින රැළියේ දී වඩිවේල් සුරේෂ් ජනාධිපතිවරයා අමතමින් පැවසූයේ, ජනාධිපතිවරයා කියූ දේ වතුකරයේ ජනතාව කර ඇති බවත් නමුත් වතුකරයේ පහසුකම් තවමත් දියුණු වී නැති බවත් ය. වතුකරයේ ජනතාවට රුපියල් 3250ක දෛනික වැටුපක් ලබා දෙන ලෙස හාම්පුතුන්ගේ සංගමයට නියෝග කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද වඩිවේල් සුරේෂ් එහිදී සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ දක්ෂයකු බවත් පෝලිම් නැති කළ බවත් වඩිවේල් සුරේෂ් එහිදී සඳහන් කළේය.

(lankadeepa.lk)

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්