පළාත් තුනක ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වන්නැයි ජනාධිපති කාර්යාලයෙන් දැනුම් දී ඇතැයි 'ලංකාදීප' වාර්තා කර තිබේ.

 එම පුවත් වාර්තාවට අනුව නැගෙනහිර, උතුර හා සබරගමුව පළාත් වල ආණ්ඩුකාරවරුන්ට එසේ ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇත.

ජනාධිපතිවරයකු ඉවත් වී නව ජනාධිපතිවරයකු පත් වූ විට ආණ්ඩුකාරවරු ඉවත්වීම සාමාන්‍ය සම්ප්‍රදාය බවත් එය අගමැති ඉවත් වූ විට ඇමති මණ්ඩලය අහෝසි වීමට සමාන බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

එහෙත් වත්මන් ජනාධිපති වික්‍රමසිංහ පත්වූ පසු ඉහත සම්ප්‍රදාය ඉටු කරමින් ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස් නොවූ නිසා ඔවුන් ස්වෙච්ඡාවෙන් ඉල්ලා අස්වන තෙක් ජනාධිපතිවරයා කාලයක් බලා සිටි බව ජනාධිපති කාර්යාල ප්‍රකාශකයා සඳහන් කළේය.

අදාල ආණ්ඩුකාරවරුන් ඉවත් වූ පසු නව ආණ්ඩුකාරවරුන් පත් කිරීම ජනාධිපතිවරයා මෙරටට පැමිණීමෙන් පසු සිදු කිරිමට නියමිතය.

 

ජාතික සංවිධානවල විරෝධය !

 

මේ අතර 'ජාතික සංවිධාන එකමුතුව' විසින් පවත්වාගෙන යන lankaleadnews.com වාර්තා කර ඇත්තේ, මුස්ලිම් හා දෙමළ අන්තවාදී දේශපාලකයන් කිහිප දෙනෙකුගේ ඉල්ලීම මත නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් ට ඉල්ලා අස්වන ලෙසට ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් විසින් බලපෑම් කරන බවයි.

මඩකලපුව සිංහල විද්‍යාලය නැවත විවෘත කිරීම ඇයට විරුද්ධව එල්ල වන චෝදනා අතර ප්‍රබල චෝදනාවක් බව ද එම පුවත් වාර්තාවේ සඳහන් වේ.

ඒ අතර ඇය විසින් චීන රජය සමග සාකච්ඡාකර ත්‍රිකුණාමලය නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ ආයෝජන ව්‍යාපෘතිය නවතා දමන ලෙසට විදේශ අමාත්‍ය අලි සබ්රි විසින් බලපෑම් කර ඇති බවද lankaleadnews.com පුවත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්