දකුණු වියට්නාමයේ කහ ධජයේ රුව සහිත කාසියක් ඔස්ට්‍රේලියාව විසින් නිකුත් කිරීම

සම්බන්ධයෙන් වියට්නාමය දැඩි විරෝධය පළකර තිබේ.

මෙම කාසිය ද්විපාර්ශ්වික සබඳතාවල ධනාත්මක ප්‍රවණතා ප්‍රතික්ෂේප කරන බව පවසා ඇති වියට්නාමය එහි සංසරණය නතර කරන ලෙස ඔස්ට්‍රේලියාවෙන් ඉල්ලා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඔස්ට්‍රේලියාව වියට්නාමයෙන් සිය හමුදා ඉවත් කර වසර 50ක් සපිරීම නිමිත්තෙන් මෙම සීමාසහිත ඩොලර් දෙකේ කාසිය නිකුත් කර ඇති බව වාර්තා වේ.

වියට්නාමයේ විදේශ නියෝජ්‍ය ප්‍රකාශක පවසා ඇත්තේ ඉරි තුනකින් යුත් කහ කොඩිය සහිත භාණ්ඩ නිකුත් කිරීම සහ සංසරණය කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළකරන බවය.

මෙම කාසියේ ඉදිරිපස පැත්තේ දිවංගත දෙවන එලිසබෙත් රැජිනගේ රූපයක් ද පිටුපසින් UH-1H හෙළිකොප්ටරයක් ද ඇති බව විදෙස් වාර්තා සඳහන් කර තිබේ.

(adaderana.lk)



මුලාශ්‍ර පුවත :

Vietnam objects to Australian coin with war-era yellow flag

Vietnam asks Australia to recall a coin that bears South Vietnamese flag

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්