කතරගම දෙවියන් උදෙසා පූජාවන් සිදුකිරීමට පයින්ම උතුරේ සිට කතරගම දක්වා දින ගණනාවක්

ගමන් කරන ලංකාවේ දිගම පාද යාත්‍රාව ලෙසින් සැලකෙන යාපනය-කතරගම පාද යාත්‍රාව මයි 06දා සවස යාපනය තොණ්ඩමනාරු, සෙල්වශාන්ති මුරුගන් හින්දු කෝවිලෙන් ආරම්භ විය.

මෙලෙස ගමන් කරනු ලබන පාද යාත්‍රාවේ බැතිමතුන්ට අතරමඟදී ආගමික සිද්ධස්ථාන, ආරක්ෂක අංශ මෙන්ම සාමාන්‍ය වැසියන් විසින්ද ආහාරපානාදිය හා ඉඳුම් හිටුම් පහසුකම් සැපයීම සිදුකරනු ලැබිය.

 මේ දක්වා ගමන් මාර්ගයේදී බැතිමතුන්ගේ විඩාව සමනය කිරීම සඳහා යුද්ධ හමුදා කඳවුරු අසලදී විවිධ සංග්‍රහ සහ වෛද්‍ය ආධාර වැඩසටහන් සංවිධානය කර තිබිණ.  

පාද යාත්‍රාවේ බැතිමතුන් අද (09) උදෑසන වන විට කිලිනොච්චිය දිස්ත්‍රික්කය හරහා ගමන් කරමින් සිටියේය.

අද (09) දින අලිමංකඩ යුද්ධ හමුදා මර්ග බාධකය හරහා බැතිමතුන් ගමන් කරමින් සිටියදී, ඔවුන්ගේ විඩාව දුරු කිරීමට තේ පැන් සංග්‍රහයක් සහ වෛද්‍ය ආධාර ලබා දීමේ වැඩ සටහනක් යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සංවිධානය කර තිබුණි.

මෙම පාද යාත්‍රාව සෑම වසරකම යාපනයේ සිට කතරගම දක්වා ගමන් කෙරෙන අතර මෙසේ ආරම්භ කෙරුණු පාද යාත්‍රාව යාපනය, කොඩිකාමම්, පුදුකුඩිඉරිප්පු, කෝකිලායි, කොක්කුතුඩුවායි, පුල්මුඩේ, තිරියාය, ත්‍රිකුණාමලය, මඩකළපුව, අම්පාර, උහන හරහා කතරගම දේවාලයේ කොඩි එසවීමේ මංගල්‍යය වෙත ගමන් කිරීම සිදුවෙයි.

{gallery}jaffna to Katharagama{/gallery}

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්